උතුරුකරයේ ඉඳන් ගමට දිව ආව මo

|

ජීවිතය සනසන්න දුටුවාට මo හීන,,,
අපෙ හීන බොඳවුනා රත්තරන්,,,
යහනෙ මල් අතුරාන බලන් ඉන්නව කීව,,,
ඔබෙ යහන අන්සතුව ගියකමින්,,,
ඔබ ගැනම ආදරෙන් මේ නහර පුරාවට
දිවූ ලේ ගල්වෙලා නෑ හදින්,,,
උතුරුකරයේ ඉඳන් ගමට දිව ආව මo
හැඩුනුමුදු නුබව අයදින්නෑ ඉතින්,,,

ඈත දුර තල් අරබේ සිරව මන් උන්නාට
හිතුනෙ මට නුබගැනම විතරමයි,,,
සඳ නොමති ගනඳුරේ නුබේ පෙම සිහිවෙද්දි
ඉකිබිඳුනෙ හදවතින් රත්තරන්,,,

කඳුලකට ගතු කියූ හුදෙකලාවම දිනෙක ,,,
මරණයට ඇරයුමක් කරනකන්,,,
උන්නුමුත් ඇස්පියන් මිදුනු පසු මරණයෙන්,,,
දිව ආවේ නුබ ලබා ගන්න මo,,,

1 comments:

Anonymous said...

harima lassanai!ranaviruvanta ape upaharaya.