
ලොවක් සනසන්නට ඇවසිමුත් සිතක් අස්සෙන් පෙම්බැදන්,,,
දුරක් යද්දී ගැටුම් මැද්දෙන්,,,අනේ ගිලිහිනි පෙම සිතින්,,,
ලොවම හිනැහෙයි කියා සිතුමුත් කෙනෙක් උන්නෑ මන් ළඟින්,,,
එවිට ලන්වූ සිතක් දන් දුන් සොයුරු ප්‍රේමෙකි මා නමින්,,,
සසර කතරේ අතරමගකදි ගෙනත් ඔබ දුන් මිතු දමින්,,,
අදත් ලැතැවුල් ගොඩක් වෙන්වෙයි හදම සනසන වදනෙකින්,,,,
නුබත් ලෝකය දිනන්නට යන කටුක ගමනක පියවරින්,,,
මටත් අතදී නගා සිටුවන අරුමයට මා නයගැතී,,,
විඩා ගමනෙක අතර මොහොතක් නවාතැන් දුන් හදවතින්,,,
ලබූ සිහිලැල් පින්න අතුරින් ලැබූ මිතුදම පින්බරයි,,,
නෙලාගත් මල් පැසම පරවී ගියත් මාහද මල්විලේ,,,
සදා නොමියෙන මලක් පීදෙයි නුබේ මිතුදම නාමයෙන්,,,,
2 comments:
කිසිත් නොකියා යන ගමනෙදී
මිතුදමත් ඇවසි වී ගිය දිනේදී
කාටනමි කියයිද බිදුන හදවත ගොළුවෙද්දී
හරිම ලස්සන කවි පෙලක්!
thanks hamadaamath hugak uwamaanaawen dhiri wadhanak dena comment ekata..
Post a Comment