පුතුගෙ දෙනෙතෙ කඳුලු බිඳක් කලා වවට ගලා එන්න

|


අවසර අවුකන සමිදුනි ,,,මා වදනට සවනු මනවි,,,
මා මල පුතු ගැන අහිතක් එපා සමිදු තියාගන්න,,,
අන්බසකට මුළාවෙලා කළා වැවේ මා අඹන්න,,,
කළ පාපෙන් පුතු ආයෙත් මුදවාගෙන සමාදෙන්න,,,


දෙනෙත් අගින් වැටෙන කඳුලු වැසි වසින්න කලා වැවට,,,
සුළගට මුසුකරන සුසුම් හමා යන්න සීගිරියට,,,
බුදුන් වඳින්නට එන ඒ සීගිරියේ දෙව්ලියන්ට,,,
බුදුන් පුදන්නට එන විට මටත් මලක් දී එවන්න,,,


කලා වැවේ දිය අරගෙන සුළන් සමග අහස් කුසට,,,
ඒ දිය යළි වැසි වැටිලා සිසිල් වෙන්න සීගිරියම,,,
වස්තුව ඉල්ලූ පුතුනට ඒ සිසිළස සුව සදන්න,,,
පුතුගෙ දෙනෙතෙ කඳුලු බිඳක් කලා වවට ගලා එන්න,,,,

1 comments:

ප්‍රාර්ථනා said...

පුලුවන් නම් කාශ්‍යප රජතුමා පසුතැවුනු විදියත් කවියට නඟන්න..
ලස්සනයි.!