
මාගේ ආදර පියාණෙනී,,,
නික්මී යන්නට...අලුත් කැදැල්ලට...
අවසර දෙනු මැණ පියාණනේ,,,
හඬන්නෙපා මගෙ දියණියනී,,,
සිත්හී තවරුනු ...පියෙකුගෙ සෙනෙහස,,,
කියාගන්න බෑ දියණියනී,,,
මවුනගෙ සෙනෙහස රැඳවුන,,,
ඔබගේ සෙවනෙහි සුව ලද ,,,
දෝනිට නික්මී ගෙදරින් යන්නට,,,
දෙපා වාරු නෑ පියාණෙනී,,,
දියණිය පතිකුළයට යන,,,
අදවන් දවසක් පැතුමම,,,
සිතින් හඬන මුදු කඳුලු තදකරන් ,,,
අසිරි පතන්නෙමි දියණියනී,,,
ලෝකෙට මා බිහිකළ දින,,,
මවුනගෙ දෙනෙතින් පිටවුන,,,
ආදර කඳුළැල් අදත් වැටෙනවිට ,,,
වාවනු බෑ මට පියාණෙනී,,,
වාවන දුක් හිමි යුවතිය,,,
දරුවන් වෙනුවෙන් මතුවෙන,,,
කඳුළු වැටෙන මුත් සතුටක් ඇතිවෙයි ,,,
ඔයනෙත් දවසක දියණියනී,,,
4 comments:
නියමයි සහෝ..හිතට දැනෙන්න ලියල තියනවා...උපරිමයි.....
පතිකුලයට යන දියණියකගේ හදවතට දැනෙන සිතුවිලි.....හරිම ලස්සනට ලියලා.
වෙනදා වගෙම හරිම ලස්සනයි..
THANKS OYAALA HAMOMA MATA LOKU DIRIYAK
Post a Comment