උරෙනුර ගැටෙමින් සරසවි බිම තුළ

|

සෙනෙහස පරවූ මල් කැකුළක්,,,
එය වෙන කෙනෙකුගෙ මුතු ඇටයක්,,,
තැන තැන සක්මන් කරමින් පෙම් කළ
අපට වුනෙත් දුක් වෙන් වීමක්,,,
අපට වුනෙත් දුක් වෙන් වීමක්,,,

හිසින් පහත් වී දෙනෙතට ලoවී
මුවට එබී ඔබ උන්දා,,,
නෙතු අග කඳුළක් හිතින් තද කරන්
මමත් හිතින් දුක් වින්දා,,,
මාගේ හිසකේ අතරට අතැඟිළි
යවමින් ළoවූ හින්දා,,,
ඒ උනු කඳුළට ගලන්න ඉඩදී
මමත් නුබව සිප ගත්තා,,,

උරෙනුර ගැටෙමින් සරසවි බිම තුළ
සෙනෙහස මිමිනූ හින්දා,,,
දිනෙක ඇරඹුමක් සතුටක් ගෙනදී
නිමාවෙ යළි දුක් වින්දා,,,
උසුළු විසුළු මැද නවමු සිනා මැද
මගුල් උයනෙ සැරිසැරුවා,,,
සිව් වසරක් අග ප්‍රේමයෙ නටඹුන්
පමණය අප වෙන්වීලා...

3 comments:

ප්‍රාර්ථනා said...

දුක්මුසුයි..
පබැඳුම ඒත් ලස්සනයි..
සාමාන්‍යයෙන් වෙන දෙයක්ද මේ..? මම නම් අහලා තිබුනේ සරසවි ප්‍රේමය ගොඩක් කල් පවතින දෙයක් කියලා.. කොහොම වුනත් හරි ලස්සනයි..!

ruwan kumara maddage said...

thank you dilu akka..ea wagema thank you prarthana nagee..mata jeewithaye huga denek hamuwela thiyenawaa..adare karalka awasaanaya wenwelaa..me lagadi malli kenek marunaa..kella daala giya dukata..kohoma unath me liwweth eka ganu lamayekge siduweemak..