මගේ ඇකයේ හිස රඳා නුබ හැඬූ ඉකි හඬ

|

හිමිද අහිමිද කියා දන්නැති වුනත් අපි අත්වැල් බැඳන්,,,
ගියා මතකද ලොවට රහසින් පෙම්වතුන් තහනම් ගමන්,,,
දිනා දිය හැකි කමක් නැතිමුත් ලොවම නුබ ළඟ පේකරන්,,,,
ලැමට මුවදී පෙමින් ගුළිවී එදා තවරූ පෙම් සුසුම්,,,

සුළඟෙ විසිරුනු මලින් සුදුවන් නුබෙ සිනා සෙව්වේ මමත්,,,
සිනා වෙනුවට කඳුලු වැටුනා සුමුදු මල් පෙති නතුකරන්,,,
මගේ ඇකයේ හිස රඳා නුබ හැඬූ ඉකි හඬ සිරකරන්,,,
මහා ළතැවුල් ගොඩක් වින්දා මාත් හදවත උණුකරන්,,,

මටම සින්නවු සෙනේ හින්දම ගියත් යායුතු නැති ගමන්,,,
සියක් නොව සිය දහස් වාරෙක මාත් විඳවූවා සිතින්,,,
දෙනෝ දාහක් දෙනාගෙන් ලද ලොවෙහි අවමන් විඳ දරන්,,,
ගියත් සමුදී සෙනෙහෙ සඟවා මමයි විඳවන්නේ හිතින්,,,,,,

5 comments:

Anonymous said...

harima lassanai!

ප්‍රාර්ථනා said...

කතාව හරියට "දම්පාටින් ලා සද බැස යනවා" වගේ නේද..? හරිම ලස්සනයි..

Nadun Dissanayake said...

හොඳ අදහස් තියනවා උඹට.. නියමයි

ruwan kumara maddage said...

thanks dilu akka/prarthana nagee/wagema nadun soyura ..mata dun diriwadan walata hugak sthuthi

ruwan kumara maddage said...

thanks hamotama mata sena diriyata