
ඇයි නො එන්නේ ,,,සඳේ දුක් මට දුන්නේ ඇයි,,,
දුක් විදින්නේ ,,,එදා උන් ඔබෙ තරුවමයි,,,
සීතලින් මේ,,, ගැලූ පිණි දිය කඳුලු වැල්,,,
මේ නෙතින්නම්,,, නිමාවක් නෑ ඔබේ නමින්,,,
මල් මාලතී,,, පිපුනෙ ඔබ පිළිගන්නටයි,,,
හිරු අඳුර දී,,, ගියෙ අප තනිවෙන්නටයි,,,
සීතල වුනේ ,,,ගැහෙන හදවත දුකටමයි,,,
මා සඳවතේ,,, වඩිනු මැණ මා ඔබගෙමයි,,,
ගී ගයන්නේ ,,,විහඟ කැළ ඒ අපටමයි,,,
මා දිලෙන්නේ,,, ඔබෙ නමින් ඇති අඹරෙමයි,,,
ගතු කියන්නේ,,, නිමාවක් නැති කඳුළටයි,,,
ආදරෙන් මේ,,, රකින සෙනෙහස ඔබටමයි,,,
3 comments:
ගොඩාක් දුකකින් වගේ ලියලා තියෙන්නේ .. සමහර විට මට හිතෙන විදිහ වෙන්න ඇති.. අමුතු පදවැල් ටික..
ඇත්තටම හරිම ලස්සනයි ඕනම හිතකට වදිනවා ..
ජයවේවා !!
හැමදාමත් වගේ හරිම ලස්සනයි !
සීතල පිනි කැට වගේ....
වියළුනේ හිරු එලියටයිනේ....
කදුළු කැට පොඩි වුනේ....
දුක් තියෙන හිත්වලටනේ....
hmm..ow meka atthatama eka hadawathaka duk geeyak..man akurukalaa.bohoma sthuthi oyalata
Post a Comment