සෙනෙහස මුමුණා රහසින් කීවා
නොනිමි පෙමින් ඔබ හිමි කරගන්නට,,,
වරම් හිමිව නෑ කුමාරියේ,,,
සෙනෙහෙ ලබන්නට පින්කර ඇතිමුත්,,,
විදින්න පින් නෑ සිතින් මගේ,,,,
පැතුම් විළක් මැද සුසුම් මල් ගොඩක්,,,
නිතර පිපෙනවා සිතේ මගේ,,,
සුසුම් මල් මතට කඳුලු පිණි අරන්,,,
ඔබත් වඩිනවා සිතට මගේ
හිත හීලෑ නැති ඔබේ වදන් තුළ,,,
සැඟවුනු හැඟුමන් ඔබට හොරෙන්,,,
සෙනෙහස මුමුණා රහසින් කීවා,,,
ඔබ දන්නෙත් නෑ ඔබට හොරෙන්,,,
සසර පුරුද්දට හමුවන්නට ඇති,,,
සෙනෙහෙ ඇරඹුමක අහිමි සිතින්,,,
තැවෙන දැවෙන සිත මා ලඟ තිබුදෙන්,,,
එපා හඩන්නට කුමරි ඉතින්,,,
පුතුගෙ දෙනෙතෙ කඳුලු බිඳක් කලා වවට ගලා එන්න
අවසර අවුකන සමිදුනි ,,,මා වදනට සවනු මනවි,,,
මා මල පුතු ගැන අහිතක් එපා සමිදු තියාගන්න,,,
අන්බසකට මුළාවෙලා කළා වැවේ මා අඹන්න,,,
කළ පාපෙන් පුතු ආයෙත් මුදවාගෙන සමාදෙන්න,,,
දෙනෙත් අගින් වැටෙන කඳුලු වැසි වසින්න කලා වැවට,,,
සුළගට මුසුකරන සුසුම් හමා යන්න සීගිරියට,,,
බුදුන් වඳින්නට එන ඒ සීගිරියේ දෙව්ලියන්ට,,,
බුදුන් පුදන්නට එන විට මටත් මලක් දී එවන්න,,,
කලා වැවේ දිය අරගෙන සුළන් සමග අහස් කුසට,,,
ඒ දිය යළි වැසි වැටිලා සිසිල් වෙන්න සීගිරියම,,,
වස්තුව ඉල්ලූ පුතුනට ඒ සිසිළස සුව සදන්න,,,
පුතුගෙ දෙනෙතෙ කඳුලු බිඳක් කලා වවට ගලා එන්න,,,,
එකවරක් මතුසසරේ මගෙම වී ඉන්න රැඳි
එකම එක ආත්මෙක ඔබ මගේ වෙන්න ඇති,,,
ඒත් ඒ ආත්මයේ මන් ඔබෙන් යන්න ඇති,,,
දරනු බැරි දුක් ගොඩක් මන් ඔබට දෙන්න ඇති,,,
ඒ නිසා මේ බවයේ ඔබ මගෙන් යන්න ඇති,,,
සොදුරු පැතුමන් ගොඩක් ඔබත් පුද දෙන්න ඇති,,,
දගකරන මගේ සිත ඔබව රිදවන්න ඇති,,,
ලෝකයම ඔබ මටම එදා පුද දෙන්න ඇති,,,
එත් මන් ඔබේ සෙනෙහෙ මග දමා යන්න ඇති,,,
අදක ඔබ නැති කමින් මන් සතුට විඳිනු නැති,,,
මළගමක් මගෙ දිවිය යළිත් ගොඩ ගන්න බැරි,,,
සෙනෙහසින් සිතන මුත් ඉතින් ඔබ එන්නෙ නැති,,,
එකවරක් මතුසසරේ මගෙම වී ඉන්න රැඳි,,,
සිත් රූ සෝබා අවුරුද්දක උපන්දිනය සමරනවා
මා බලන්නට ඔබ ගමට එන කාලයයි
මහා තෙද බළ යොදා විරු කැළ රටම දිනවූ කාළයයි,,,
නිමා නැතිවම වැටුනු කඳුළැල් නෙතින් වියැකෙන කාලයයි,,,
දිනූ දේශයේ විරු විකුම් පෑ පෙම්බරාණෙනී,,,
මා බලන්නට ඔබ ගමට එන කාලයයි,,,,
ලැමේ රඳවා සිරකරන් උන් සුසුම් අවසානයි,,,
ඔබේ දහදිය ලෙයින් පිටවූ සුවද මo ගාවයි,,,
නැගේ නැවතත් මගේ සිත් ගගනතේ,,,
ඔබට ළඹැදිව සෙනෙහසින් සැදි මාළිගා,,,
රැඳී සටනේ ගෙවූ අමිහිරි දිවිය ඔබගේමයි,,,
දුරින් උන්නත් මාත් උන්නේ සිතින් ඔබ ගාවයි,,,
පිපේ දහසක් නැවුම් මල් හදවිළේ,,,
මටම හිමි ඔබ සරසවන්නට පාදොවා,,,
ආදරෙන් මේ,,, රකින සෙනෙහස ඔබටමයි
ඇයි නො එන්නේ ,,,සඳේ දුක් මට දුන්නේ ඇයි,,,
දුක් විදින්නේ ,,,එදා උන් ඔබෙ තරුවමයි,,,
සීතලින් මේ,,, ගැලූ පිණි දිය කඳුලු වැල්,,,
මේ නෙතින්නම්,,, නිමාවක් නෑ ඔබේ නමින්,,,
මල් මාලතී,,, පිපුනෙ ඔබ පිළිගන්නටයි,,,
හිරු අඳුර දී,,, ගියෙ අප තනිවෙන්නටයි,,,
සීතල වුනේ ,,,ගැහෙන හදවත දුකටමයි,,,
මා සඳවතේ,,, වඩිනු මැණ මා ඔබගෙමයි,,,
ගී ගයන්නේ ,,,විහඟ කැළ ඒ අපටමයි,,,
මා දිලෙන්නේ,,, ඔබෙ නමින් ඇති අඹරෙමයි,,,
ගතු කියන්නේ,,, නිමාවක් නැති කඳුළටයි,,,
ආදරෙන් මේ,,, රකින සෙනෙහස ඔබටමයි,,,
අවසර දෙනු මැණ පියාණනේ
මාගේ ආදර පියාණෙනී,,,
නික්මී යන්නට...අලුත් කැදැල්ලට...
අවසර දෙනු මැණ පියාණනේ,,,
හඬන්නෙපා මගෙ දියණියනී,,,
සිත්හී තවරුනු ...පියෙකුගෙ සෙනෙහස,,,
කියාගන්න බෑ දියණියනී,,,
මවුනගෙ සෙනෙහස රැඳවුන,,,
ඔබගේ සෙවනෙහි සුව ලද ,,,
දෝනිට නික්මී ගෙදරින් යන්නට,,,
දෙපා වාරු නෑ පියාණෙනී,,,
දියණිය පතිකුළයට යන,,,
අදවන් දවසක් පැතුමම,,,
සිතින් හඬන මුදු කඳුලු තදකරන් ,,,
අසිරි පතන්නෙමි දියණියනී,,,
ලෝකෙට මා බිහිකළ දින,,,
මවුනගෙ දෙනෙතින් පිටවුන,,,
ආදර කඳුළැල් අදත් වැටෙනවිට ,,,
වාවනු බෑ මට පියාණෙනී,,,
වාවන දුක් හිමි යුවතිය,,,
දරුවන් වෙනුවෙන් මතුවෙන,,,
කඳුළු වැටෙන මුත් සතුටක් ඇතිවෙයි ,,,
ඔයනෙත් දවසක දියණියනී,,,
උරෙනුර ගැටෙමින් සරසවි බිම තුළ
සෙනෙහස පරවූ මල් කැකුළක්,,,
එය වෙන කෙනෙකුගෙ මුතු ඇටයක්,,,
තැන තැන සක්මන් කරමින් පෙම් කළ
අපට වුනෙත් දුක් වෙන් වීමක්,,,
අපට වුනෙත් දුක් වෙන් වීමක්,,,
හිසින් පහත් වී දෙනෙතට ලoවී
මුවට එබී ඔබ උන්දා,,,
නෙතු අග කඳුළක් හිතින් තද කරන්
මමත් හිතින් දුක් වින්දා,,,
මාගේ හිසකේ අතරට අතැඟිළි
යවමින් ළoවූ හින්දා,,,
ඒ උනු කඳුළට ගලන්න ඉඩදී
මමත් නුබව සිප ගත්තා,,,
උරෙනුර ගැටෙමින් සරසවි බිම තුළ
සෙනෙහස මිමිනූ හින්දා,,,
දිනෙක ඇරඹුමක් සතුටක් ගෙනදී
නිමාවෙ යළි දුක් වින්දා,,,
උසුළු විසුළු මැද නවමු සිනා මැද
මගුල් උයනෙ සැරිසැරුවා,,,
සිව් වසරක් අග ප්‍රේමයෙ නටඹුන්
පමණය අප වෙන්වීලා...
මගේ ඇකයේ හිස රඳා නුබ හැඬූ ඉකි හඬ
හිමිද අහිමිද කියා දන්නැති වුනත් අපි අත්වැල් බැඳන්,,,
ගියා මතකද ලොවට රහසින් පෙම්වතුන් තහනම් ගමන්,,,
දිනා දිය හැකි කමක් නැතිමුත් ලොවම නුබ ළඟ පේකරන්,,,,
ලැමට මුවදී පෙමින් ගුළිවී එදා තවරූ පෙම් සුසුම්,,,
සුළඟෙ විසිරුනු මලින් සුදුවන් නුබෙ සිනා සෙව්වේ මමත්,,,
සිනා වෙනුවට කඳුලු වැටුනා සුමුදු මල් පෙති නතුකරන්,,,
මගේ ඇකයේ හිස රඳා නුබ හැඬූ ඉකි හඬ සිරකරන්,,,
මහා ළතැවුල් ගොඩක් වින්දා මාත් හදවත උණුකරන්,,,
මටම සින්නවු සෙනේ හින්දම ගියත් යායුතු නැති ගමන්,,,
සියක් නොව සිය දහස් වාරෙක මාත් විඳවූවා සිතින්,,,
දෙනෝ දාහක් දෙනාගෙන් ලද ලොවෙහි අවමන් විඳ දරන්,,,
ගියත් සමුදී සෙනෙහෙ සඟවා මමයි විඳවන්නේ හිතින්,,,,,,
සසර කතරේ අතරමගකදි ගෙනත් ඔබ දුන් මිතු දමින්
ලොවක් සනසන්නට ඇවසිමුත් සිතක් අස්සෙන් පෙම්බැදන්,,,
දුරක් යද්දී ගැටුම් මැද්දෙන්,,,අනේ ගිලිහිනි පෙම සිතින්,,,
ලොවම හිනැහෙයි කියා සිතුමුත් කෙනෙක් උන්නෑ මන් ළඟින්,,,
එවිට ලන්වූ සිතක් දන් දුන් සොයුරු ප්‍රේමෙකි මා නමින්,,,
සසර කතරේ අතරමගකදි ගෙනත් ඔබ දුන් මිතු දමින්,,,
අදත් ලැතැවුල් ගොඩක් වෙන්වෙයි හදම සනසන වදනෙකින්,,,,
නුබත් ලෝකය දිනන්නට යන කටුක ගමනක පියවරින්,,,
මටත් අතදී නගා සිටුවන අරුමයට මා නයගැතී,,,
විඩා ගමනෙක අතර මොහොතක් නවාතැන් දුන් හදවතින්,,,
ලබූ සිහිලැල් පින්න අතුරින් ලැබූ මිතුදම පින්බරයි,,,
නෙලාගත් මල් පැසම පරවී ගියත් මාහද මල්විලේ,,,
සදා නොමියෙන මලක් පීදෙයි නුබේ මිතුදම නාමයෙන්,,,,
නුබ තාම බොළඳයි
අඳුරු ලොකයෙ සුවඳ තැවරූ
දෝණියේ නුබ කුසුම් කැකුලයි,,,
දෙනෙත් විදහා දෙපා පියවර
කල්පනාවෙන් තැබිය යුතුමයි,,,
රුදුරු ලොව නුබ තාම බොළඳයි,,,
තාම බොළඳයි,,,
පාට තැවරුණු සොඳුරු සිත්තම්
ලෙසින් පෙනුනට ලොවම චපලයි,,,
ණුවනැසින් දැක බුද්ධියෙන් ගෙන
සුදුසු තන්හී සරණු යුතුමයි,,,
තුරුණු හැඟුමන් සුමුදු සඳවන්
නුඹට ලොබ බැඳි දනන් බොහොමයි,,,
තවුස් දම්ගෙන සෙනෙහෙ පෙන්වන,,,
නමුදු දුදණන් ලොවෙහි බොහොමයි,,,
උතුරුකරයේ ඉඳන් ගමට දිව ආව මo
ජීවිතය සනසන්න දුටුවාට මo හීන,,,
අපෙ හීන බොඳවුනා රත්තරන්,,,
යහනෙ මල් අතුරාන බලන් ඉන්නව කීව,,,
ඔබෙ යහන අන්සතුව ගියකමින්,,,
ඔබ ගැනම ආදරෙන් මේ නහර පුරාවට
දිවූ ලේ ගල්වෙලා නෑ හදින්,,,
උතුරුකරයේ ඉඳන් ගමට දිව ආව මo
හැඩුනුමුදු නුබව අයදින්නෑ ඉතින්,,,
ඈත දුර තල් අරබේ සිරව මන් උන්නාට
හිතුනෙ මට නුබගැනම විතරමයි,,,
සඳ නොමති ගනඳුරේ නුබේ පෙම සිහිවෙද්දි
ඉකිබිඳුනෙ හදවතින් රත්තරන්,,,
කඳුලකට ගතු කියූ හුදෙකලාවම දිනෙක ,,,
මරණයට ඇරයුමක් කරනකන්,,,
උන්නුමුත් ඇස්පියන් මිදුනු පසු මරණයෙන්,,,
දිව ආවේ නුබ ලබා ගන්න මo,,,
Subscribe to:
Posts (Atom)