ගිය අයුරු ඔබ මා දමා

Saturday, January 22, 2011 |

කුරුටු ගී අතරේ සැඟවිලා,,,
කුරුටු ගෑ පෙම් කව පුරා,,
සසර වසනා තුරා,,,ලo වී ඉන්නවා කියා,,,
කියූ ඔබ දුර පැන ගියා,,,
පින්සාර නෙතු පිය වසා,,,සoසාර ගමනනෙදි ඔයා,,,
මoගාව රැඳිලා,,,සෙනෙහසින් ඉඳලා,,,
වෙන්වූයෙ කෙළෙසද කියා,,,
තව දන්නේ නෑ ඇයි කියා,,,

මල් මිළින පැතුමන් හදවතට තෙරපෙද්දි,,,
මා ගැහෙන හැටි බල බලා,,,
මා හඬන හැටි බල බලා,,,
ගිය අයුරු ඔබ මා දමා,,,
සිල් බිඳුනු සිතකින් මල් රේණු රිදවද්දි,,,
මල තැලුන වග දැන දැනා,,,
මල හඬන වග දැන දැනා,,,
විෂ බඹරු ඉගිලී ගියා,,,

0 comments: