ගමේ පන්සල් බිමේ පිo සිත

|

නොවී අවනත සසළවන සිත,,,පහන් සිතිවිළි නoවා,,,
කසාවත හැඳ මනාකොට දෙසු දහම් ගුණ කඳ නිම්නෑ,,,
බුදු පියාණන් ළොවට දම් දුන් ,,,දහම් දෙසු ඔබ හින්දා,,,
සසර නිමකර අපට නිවනට ,,,දහම් මග ලන් වෙම්වා,,,

එදා සසරෙත් ගෙනා පිo සිත,,,අදත් සුපුරුදු හින්දා,,,
නොවී ගිහිගෙට ගැලී ආශා,,,,අතැර දම් සුව සොයනා,,,
ලොවේ දුදනන් අතරදිත් මුණි ගුණෙන් සෙත් පැන් නoවා,,,
සදා සුව දෙන දහම් සිසිළස ,,,අපිත් ඔබගෙන් වින්දා,,,

ලබා බුදු බව සොයා දුන් මග,,, නිවන ගෙන හැර පෙන්වා,,,
නිමා නොවනා පිරිත් සෙත් ගුණ,,, බළෙන් සුව සෙත දුන්නා,,,
ගමේ පන්සල් බිමේ පිo සිත දුකෙදිත් පිo නන්වා,,,
සිතෙ සහනය එළියකරමින් පොසොන් සඳ සේ ඉන්නා,,,

0 comments: