දැයෙන් අභීතව යන්නේ,,,නාමෙන් නොමියූ විරු ලෙසින්
at
2:18 AM
|
Posted by
ruwan kumara maddage
සඳේ සඳ කැලුම සඟවා,,,මගේ ඔබ කොහේ ගියාදෝ,,,
සිතේ දුක් ගොඩක් රඳවා,,, බලා ඉමි සුසුම් හෙළමින්,,,
ගමෙන් ඔබ යළිත් ගියදා,,,අනේ මන් බලාන උන්නා,,,
ලබා රණ බිමේ විකුමන්,,,යළිත් එනු අතැයි සිතන්,,,
රටක් ඔබෙ සෙනේහෙ වින්දා,,,දිනෙව්දා පින් බිමේ අබිමන්,,,
මටත් වෙන කොහේද පැතුමක්,,,ඔබෙ ළැමේ සැතපීම හැරනම්,,,
පැතුම් හදිසියේ බිඳෙමින්,,,උපන්ගමට ආදා දජ යටින්,,,
නෙතින් පනින්නාවු කඳුළින් මිළින නොවූයේ කිමැයි මන්,,,,
ගියාද තල් අරණට දකුණින්,,,සැහැසිකම් එහි වූ නිසාවෙන්,,,
යළිත් රණබිමෙන් මෙහි ආවේ,,,රට වෙනුවෙන් සතුරට ලය පුදමින්,,,
දැයෙන් අභීතව යන්නේ,,,නාමෙන් නොමියූ විරු ලෙසින්,,,
හඬමී හොඳටෝම හඬමී,,,අහිමි වුනේ ඔබ මටනෙ මේ ලෙසින්,,,,
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment