සමුගෙන යන්නට ආවට ඔබ මියුලැසියේ

|

සමුගෙන යන්නට ආවට ඔබ මියුලැසියේ,,,
සමුගන්නේ මා කෙළෙසද ඔබගෙන් මැණිකේ,,,
සෙනෙහස සඟවන් උන්නට ඔබ මියුළැසියේ,,,
මේහැටි කඳුළැල් ගලන්නෙ ඇයි ඔය දෙනෙතේ,,,

පොඩි පොඩි ලැතවුල් උරුමයි පෙම්සිත් අතරේ,,,
සමුගෙන යන්නට එයමද හෙතුව ළඳුනේ,,,
සෙනෙහස දියකර ඔබටම දන් දුන් දවසේ,,,
මාවත බදාන මතකද සැනසුනි රිසිසේ,,,

ආදරයෙන් අපි සතුටින් කල් ගෙවු කාලේ,,,
කඳුලුත් තිබුනා ඉඳහිට අපි අපි අතරේ,,,
එනමුත් ඒ දුක් මිහිරියි ආදරයටනේ,,,
මේ දුකනම් සිත දැවී දවනවා ළඳුනේ,,,

0 comments: