මනමාළියේ,,,රැජින මහදේ,,,

Monday, January 10, 2011 |

මිහිරියේ යාවුනා මමත්,,,ප්‍රේමයෙන් සැනහිලා,,,
යාවෙලා නෙත් නුරා ඔබේ,,,දයාවක් සොය සොයා,,,
මීවිතේ රසය මත් කළා,,,රණ හසුන් රඟ රඟා,,,
මා ළැමේ රැඳුනු ආදරේ,,,උනුසුමින් සෙව්වා,,,
මනමාළියේ,,,රැජින මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,

සුව රැන්දු යායේ ඔබත්,,,ජීවිතය හැඩකළා,,,
මා ලයෙන් රෑ පුරා සොයා,,, සුව සදා හිනැහුනා,,,
නෙත් විලේ පිරුනු ප්‍රේමයේ ,,,එළි කවුළු විදහා,,,
මන බැන්ද පෙම් දම් පුරා,,සිඹ සිඹා සැනසුනා,,,
මනමාළියේ,,,රැජිණ මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,

සෙනෙහසින් මගෙම වී සුවෙන්,,,රෑ සිහින මැව්වා,,,
සඳ කුමරි වී පායමින්,,,යහනේ රෑ හැඩකළා,,,
පිනි බිoදු ඩෑසේ ඔබෙත්,,,දිලිහිලා ගලාදෝ,,,
ආදරෙන් පැන්නෙ රෑ පුරා,,,සෙනෙහසේ කඳුළුදෝ,,,,
මනමාළියේ,,,රැජිණ මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,

0 comments: