සුදු වැලි පාවඩ මතින් ඔබව උර තියාන,,,
වැටෙන කඳුලු කැට දෙපා වළින් පොඩිකරාන,,,
අරලිය සෙවනේ දේහය මිහිදන් කළාට,,,
පහනක් දල්වමි හදවත ගින්නෙන් දවාන,,,
අවසන් සුසුමේ නිදාන ඉන්නා නැගනී,,,
ඔබටත් වැඩියෙන් පව් කරලා අප සසරේ,,,
අය්යා කියනා හඬ නෑ ඔබගේ යළිඳූ ,,,
මතු බවයෙත් ඔබ මගේම වේවා නැගණී,,,
සැනසුම් සුසුමේ සතපෙන සුදු මල් කැකුලී,,,
මව් පිය දෙදෙනා සිතින් මැරෙනවා වැළපී,,,
අකළට මිළිනවු සුරතල් නැගනිය මාගේ,,,
කඳුළල් අහසක් වාගෙයි නිවහන පාලූ,,,
අවසන් සුසුමේ නිදාන ඉන්නා නැගනී,,,
Sunday, January 9, 2011
at
4:40 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
1 comments:
wow hareema duka hithena sanweedi nirmanayakk
Post a Comment