උදුළ සඳමිණ දිදුළ එන මැදියමේ,,,

|

අඳුර ගනදුර එලිය කළ ආකහේ,,,
උදුළ සඳමිණ දිදුළ එන මැදියමේ,,,
නැගුන සෙනෙහස ඇයට බැඳි හදවතේ,,,
කියනු මැණ මා දුකින් වග අද දිනේ,,,

කඳුලු දිය උල්පතක් වූ හද විළේ,,,
පිපුනු පැතුමන්සුසුම් සුළගට සැළේ,,,
සොඳුර නුබ ළඟ නොමැතිනම් මේ භවේ,,,
කුමට පිපුනිද පැතුම් මල් හද විළේ,,,

සඳළියන් එබුනාට මගෙ ජීවිතේ,,,
හිනාවෙන්නට ඉඩක් නෑ දුක දැනේ,,,
ලොවට රහසින් බැන්ඳ ප්‍රේමය ඔබේ,,,
හිතට දනුනොත් දිනෙක වෙනුමැණ මගේ,,,

2 comments:

අන්තිමයා said...

කඳුල උණුහුම දැනෙන අළුයම්
දැනේ සිත හට නොනිමි සුසුමන්
ඇගේ රුව දිසි මැකෙන දසුනෙන්
මියෙමි ඒ හා දැවෙන ගින්නෙන්

ruwan kumara maddage said...

thanks lassana kawipelak elluwata..