
සoසාරෙන් මිදෙනු බැරිව ලොව අසරණ අපට,,,
නිර්වාණය ඈතයි බෝ ඈතයි පව් කමට,,,
දෙනෙත් හෙලා විදස පුරෙන් විඳවන මනු ලොවට,,,
මෙතේ බුදුනි වඩිනු මැණවි නිවන් යන්න අපට,,,
සිල් රකින්න දම් අසන්න රුචි අය අද විරළ,,,
චීවරයත් කිළිටු වේවි දුසිරිත් අය අතර,,,
නපුරුවෙලා මනුසත් කැළ නොමිනිස්කම් අතර,,,
මෙතේ බුදුනි කරුණාවෙන් වඩිනු මැණවි ලොවට,,,
බුදුන් වැඩිය දම් දීපෙත් නොමිනිස්කම් එමට,,,
බුදු සසුනත් නැතිකරන්න මාන බලයි නිතර,,,
කළ පව් ළඟ නිවන දුරයි සසර පවින් අපට,,,
මෙතේ බුදුනි කරුණාවෙන් වඩිනු මැණවි ලොවට,,,
1 comments:
godak watina kavi pelak.
Post a Comment