
යදම් වලින් විලoගු ලූ ගජිදුනි වනේ,,,
සoහරයෙන් වෙන්වූදා හැඬුනා දැනේ,,,
රැඳි ගජමුතු සොරාගන්න තිරිසන් රැහේ,,,
මාන බළයි උන් නුබටත් රජිදුනි ඇත් කුළේ,,,
නැවුම් සිසිල් මද පවනේ,,නිල් තණ බිම් පුරා,,,
විඳි නිදහස අහිමිවෙලා නොමිනිස් කැළ නිසා,,
දළදාවත ඉදිරියේ ඔබ දෙදනම බිම තියා,,,
විඳිනා විට ඇත් රජිදුනි දෙවියොත් සැනසෙනා,,,
කුoචනාදයෙන් නැoවුනු තෙජස ඇත් කුළේ,,,
දරු සෙනෙහස උතුරනවා ඇතිනියෙ ඔබෙ ළැමේ,,,
ඒ කිරෙන්ම වැඩෙන පැටව් අතරින් හෙට දිනේ,,,
පුද කරඩුව වඩමවාවි රාජා ඇත් කුළේ,,,
1 comments:
දළදාවත ඉදිරියේ ඔබ දෙදනම බිම තියා...
වඳිනා විට ඇත් රජිදුනි දෙවියොත් සැනසෙනා..
ලස්සනයි.. :)
Post a Comment