
තරුවක් වෙන්නට ඕනෑ නෑ මට ඔබ ළඟදී,,,
ඔරුවක් සේ පාවෙන්නට ඇත්නම් එයම ඇතී,,,
වරුවක් උන්නොත් මගේ ළගින් ඔබ සෙනෙහස දී,,,
මැරුවත් යන්නෑ සිඹ සිඹ ඉන්නම් සතුට දිදී,,,
පවුලක් කන්නට ආසයි ඔබ හා එක්ව බැඳී,,,
දරුවෙක් දෙන්නට පුලුවන්නම් මගෙ ලෙයින් සැදී,,,
කලුවක් වාගේ ජීවිතයෙන් දුක් තුරන් වෙවී,,,
තනුවක් වේ නව තාලයකට ගීතයක් වැනී,,,
ගව්වක් දුර අත් අල්ලාගෙන යන දින ආයේ,,,
අව්වුවක් වැටුනත් ගින්නක් නොදැනේ ළඟදි ඔබේ,,,
රැව්වුවත් ඉඳහිට නෝක්කාඩුවට රත් නෙතුවී,,,
පව්වුවක් වාගේ රැකගෙන ඉන්නම් මැණික මගේ,,,
3 comments:
හරිම ලස්සනයි ...හැමදාමත් වගේ ගොඩාක් ගොඩාක් සුන්දරයි.සුභ පැතුමි !
මාතෘකාවට නම් බය හිතෙනවා..........
සුභ පැතුම්..ලස්සන පද ටික...දිගටම කරගෙන යන්න..............
Post a Comment