පිපිලා මාලතී මලක්

Monday, December 13, 2010 |

පිපිලා මාලතී මලක්,,,ඔබ ඒ මල සමා,,,
දැනෙනා සුවඳ සුවහසක්,,,ඔබගේ වත සමා,,,
නැගෙනා මිහිරි සෙනේහයක්,,,මගෙ මේ හිත පුරා,,,
ඒනම් ඔබට පමණමයි,,, මුලු ජීවිතේ පුරා,,,

රැඳිලා මිහිරි මතකයක්,,,මහදේ ළියලලා,,,
නෙතඟින් හෙලූ ඉඟි බිඳක්,,,රැඳුනේ හිත පුරා,,,
මුවඟේ නැගුනු මදහසින්,,,නොකියූ බෝ කතා,,,
දැනුනා ඔබගේ සිත් විලෙත්,,, සෙනෙහස උතුරලා,,,

පියඹා ඇදෙන සමනලුන්,,,ගෙන ආ සුවඳ හා,,,
විඳිනා මහද සෙනෙහසින් ,,,පිබිදී රස නුරා,,,
මුතු කැට දසන් විහිදලා,,,මා හා සැනසිලා,,,
ලoවී ඉන්න එන්න දැන්,,,මනමාළිය වෙලා,,,,

0 comments: