අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

|
පුන්චි දූට දුක හිතුනා,,,
අප්පච්චී එන්නේ නැති හින්දා,,,
අම්මා රෑ ඉකි බින්දා,,,
නින්ද නැතිව දුක වැඩිකම හින්දා,,,
දුක වැඩිකම හින්දා,,,

යුද්ද කතා ඇහෙනකොටම
බය හිතුනා අම්මට වාගේම,,,
අන්තිමටම යනදවසෙත් නොකිය ගිහින්
මන් නිදි අතරේම,,,
අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

සෙලම් බඩු එපා දූට ,,,
ඉන්නවන්ම් අප්ප්ච්චී ලගම,,,
උතුරුකරෙන් එනතුරු අපි බලන් ඉන්නෙ
වැට කඩුලල දෙසම,,,
අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

2 comments:

තාරා said...

හිතට වදින කවි පෙලක්...