නීල අහසට අඳුර එනමුත්,,,

Saturday, January 14, 2012 |
හුදෙකලා වූ යෞවනේ,,,
ගිමන් සොයනා ගොම්මනේ,,,
පාලුවීමුත් සිතුම් විල්තෙර ,,,
මමත් උන්නා සoවරේ,,,
සඳක් සෙව්වා අම්බරේ,,,

කෝළ මුත් සිත් විල දඟයි,,,
නිතර පාරන රැළි නටයි,,,
සදාගන්නට ඇවසි මුත් සිත,,,
ගෙනෙන වැසි දිය නෙතු තෙමයි,,,
තාම මා සිත තනිවමයි,,,

ආල සකි සඳ දුර හැඩයි,,,
පාලු වූ යටි හිත හඬයි ,,,
නීල අහසට අඳුර එනමුත්,,,
බියක් නෑ සඳ එනවමයි,,,
මාගෙ පින් සිත මග බලයි,,,

0 comments: