සෙනේ ගඟක් නෙතු කඳුලින් රූරා වැටුනා,,,
නිදි පැදුර අසල අම්මා හීනෙන් අත වැනුවා,,,
සිත ආදරයෙන් දෙපා නැමද ගුණ දම් පිදුවා,,,
නෙතු පියන් විහිදි සැබෑ ලොවේ නෑ අද අම්මා,,,,
ඔබ ඉන්න තුරා අප වෙනුවෙන් වින්දෙම කඳුලැල්,,,
මගෙ බිරිඳ වුනත් ලේලි අතින් වුනා වෙනස්කම්,,,
අදමෙලොව නැතත් පපුවෙ නිතර බොඳවුනු සක්මන්,,,
ඔබ ඉන්න විටදි දැනෙනව මව් සෙනෙහේ විස්කම්,,,
පුන් පෝය හඳින් ගනදුරු ලොව වෙද්දිම සිල්වත්,,,
ඔබ මතක් වෙනවා නියර දිගේ යන හැටි පන්සල්,,,
සිල් සුවඳ මගේ දරු පැටවුන් සැනසුව නෙත්නම්,,
මතු සසර පුරා දැල්වේවා ඔබෙ පුතු වෙනුවෙන්,,,
ඔබ ඉන්න විටදි දැනෙනව මව් සෙනෙහේ විස්කම්
Tuesday, January 3, 2012
at
11:28 PM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
අපිට ආදරේ මිනිස්සු,අපි ළඟ ඉද්දි දැනෙනවට වඩා,අපිට එයාලා නැති වුනාමයි එයාලගේ ආදරේ වටිනාකම දැනෙන්නේ... :((( ලස්සන කවි පෙළක්...හිතට දැනුණා ගොඩක්....
bohoma sthuthi chamara
Post a Comment