කොහේ උන්නත් තුටින්නම් එය මට ඇතී,,,
කාගේ වීමුත් මා එදා ඔබෙ පෙම්වතී,,,
දුරින් උන්නත් සිතින් මතකය නොමියෙතී,,,
කාගේ වීමුත් මා එදා ඔබෙ පෙම්වතී,,,
ගෙවූ කාලය ජීවිතේ,,,උයන් තුරු යට රැඳි යුගේ,,,
සිනා හසරැල් ,,,කඳුලු මුතුළැල් ,,,
ලන්ව වින්දේ සෙනෙහසේ,,,,
නොවේ යළි විඳි පෙම් සුවේ,,,උරෙන් හිස රැඳවුනු යුගේ,,,
සෙනේ ගඟුලැල්,,,පිරූ පැතුමන්,,, බිඳී වෙන්වූ අප සෙනේ,,,
ලියූ ආදර පෙම්පතේ,,,සිතින් මැතිරූ පෙම් කවේ,,,
නුරා සිතුවම්,,,තැනූ කැටයම් ,,,
පුරා වින්දේ ඔබෙ සෙනේ,,,
ඔබේ ආදර සාගරේ,,,මමයි පාවුනු ජීවිතේ,,,
නොවේ මතුයම් ,,,කාට මේවන් දෙසිත් වෙන්වීමක් සෙනේ,,,,
0 comments:
Post a Comment