මා අත් තටු බිඳලා

|

වැව වටේ පිපෙන ඇහැල මල් ගෙනල්ලා,,,
සුවඳ ඉසලා,,සරසාලා,,
මල් රටා අතර මා සිත සනසා,,,
මේ විළසින් ඔබ ,,,
ඒ සයනයේම මා අත් තටු බිඳලා,,,

කාටවත්ම තිබුනේ නෑ මේ කුටියට එන්න ඉඩක්,,
සොඳුරු දසුන් මැව්ව ඔබම දුන්නෙ ආදරේට ඉඩක්,,,
අහිoසකම කිරිල්ලියට විළඳ ගෙනෙන ලෙසින් ඇවිත්,,,
මල් පෙති මත ලේ හලලා යන්න ගියේ කොහොම දුරක්,,,

කවුළු පියන් හැර බලද්දි පෙනුනෙ වැවයි ඇහැල වැටයි,,,
ඒ අතරින් සිහිනෙන් මෙන් මැවුනේ ඔබේ සොඳුරු රුවයි,,,
ඇහැල මලට මල් සුවඳට වඩා සුවඳ දුන්නු ඔබයි,,,
බඹර තුඩින් ඇහැල මලේ පෙති සිඳ බිඳ සැඟව ගියයි,,,

1 comments:

Anonymous said...

හරි ලස්සන පද පෙලක්