ගිය අයුරු ඔබ මා දමා
කුරුටු ගී අතරේ සැඟවිලා,,,
කුරුටු ගෑ පෙම් කව පුරා,,
සසර වසනා තුරා,,,ලo වී ඉන්නවා කියා,,,
කියූ ඔබ දුර පැන ගියා,,,
පින්සාර නෙතු පිය වසා,,,සoසාර ගමනනෙදි ඔයා,,,
මoගාව රැඳිලා,,,සෙනෙහසින් ඉඳලා,,,
වෙන්වූයෙ කෙළෙසද කියා,,,
තව දන්නේ නෑ ඇයි කියා,,,
මල් මිළින පැතුමන් හදවතට තෙරපෙද්දි,,,
මා ගැහෙන හැටි බල බලා,,,
මා හඬන හැටි බල බලා,,,
ගිය අයුරු ඔබ මා දමා,,,
සිල් බිඳුනු සිතකින් මල් රේණු රිදවද්දි,,,
මල තැලුන වග දැන දැනා,,,
මල හඬන වග දැන දැනා,,,
විෂ බඹරු ඉගිලී ගියා,,,
ගමේ පන්සල් බිමේ පිo සිත
නොවී අවනත සසළවන සිත,,,පහන් සිතිවිළි නoවා,,,
කසාවත හැඳ මනාකොට දෙසු දහම් ගුණ කඳ නිම්නෑ,,,
බුදු පියාණන් ළොවට දම් දුන් ,,,දහම් දෙසු ඔබ හින්දා,,,
සසර නිමකර අපට නිවනට ,,,දහම් මග ලන් වෙම්වා,,,
එදා සසරෙත් ගෙනා පිo සිත,,,අදත් සුපුරුදු හින්දා,,,
නොවී ගිහිගෙට ගැලී ආශා,,,,අතැර දම් සුව සොයනා,,,
ලොවේ දුදනන් අතරදිත් මුණි ගුණෙන් සෙත් පැන් නoවා,,,
සදා සුව දෙන දහම් සිසිළස ,,,අපිත් ඔබගෙන් වින්දා,,,
ලබා බුදු බව සොයා දුන් මග,,, නිවන ගෙන හැර පෙන්වා,,,
නිමා නොවනා පිරිත් සෙත් ගුණ,,, බළෙන් සුව සෙත දුන්නා,,,
ගමේ පන්සල් බිමේ පිo සිත දුකෙදිත් පිo නන්වා,,,
සිතෙ සහනය එළියකරමින් පොසොන් සඳ සේ ඉන්නා,,,
මනමාළියේ,,,රැජින මහදේ,,,
මිහිරියේ යාවුනා මමත්,,,ප්‍රේමයෙන් සැනහිලා,,,
යාවෙලා නෙත් නුරා ඔබේ,,,දයාවක් සොය සොයා,,,
මීවිතේ රසය මත් කළා,,,රණ හසුන් රඟ රඟා,,,
මා ළැමේ රැඳුනු ආදරේ,,,උනුසුමින් සෙව්වා,,,
මනමාළියේ,,,රැජින මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,
සුව රැන්දු යායේ ඔබත්,,,ජීවිතය හැඩකළා,,,
මා ලයෙන් රෑ පුරා සොයා,,, සුව සදා හිනැහුනා,,,
නෙත් විලේ පිරුනු ප්‍රේමයේ ,,,එළි කවුළු විදහා,,,
මන බැන්ද පෙම් දම් පුරා,,සිඹ සිඹා සැනසුනා,,,
මනමාළියේ,,,රැජිණ මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,
සෙනෙහසින් මගෙම වී සුවෙන්,,,රෑ සිහින මැව්වා,,,
සඳ කුමරි වී පායමින්,,,යහනේ රෑ හැඩකළා,,,
පිනි බිoදු ඩෑසේ ඔබෙත්,,,දිලිහිලා ගලාදෝ,,,
ආදරෙන් පැන්නෙ රෑ පුරා,,,සෙනෙහසේ කඳුළුදෝ,,,,
මනමාළියේ,,,රැජිණ මහදේ,,,පණ මා ලොවේ,,,
ඔබෙන් ලැබුනේ,,,රෑ මාලතී ලතා පිපුනේ,,,
දඟකාරියේ,,,
සමුගෙන යන්නට ආවට ඔබ මියුලැසියේ
සමුගෙන යන්නට ආවට ඔබ මියුලැසියේ,,,
සමුගන්නේ මා කෙළෙසද ඔබගෙන් මැණිකේ,,,
සෙනෙහස සඟවන් උන්නට ඔබ මියුළැසියේ,,,
මේහැටි කඳුළැල් ගලන්නෙ ඇයි ඔය දෙනෙතේ,,,
පොඩි පොඩි ලැතවුල් උරුමයි පෙම්සිත් අතරේ,,,
සමුගෙන යන්නට එයමද හෙතුව ළඳුනේ,,,
සෙනෙහස දියකර ඔබටම දන් දුන් දවසේ,,,
මාවත බදාන මතකද සැනසුනි රිසිසේ,,,
ආදරයෙන් අපි සතුටින් කල් ගෙවු කාලේ,,,
කඳුලුත් තිබුනා ඉඳහිට අපි අපි අතරේ,,,
එනමුත් ඒ දුක් මිහිරියි ආදරයටනේ,,,
මේ දුකනම් සිත දැවී දවනවා ළඳුනේ,,,
මමත් අද මo මුළාවී
අවසන් සුසුමේ නිදාන ඉන්නා නැගනී,,,
සුදු වැලි පාවඩ මතින් ඔබව උර තියාන,,,
වැටෙන කඳුලු කැට දෙපා වළින් පොඩිකරාන,,,
අරලිය සෙවනේ දේහය මිහිදන් කළාට,,,
පහනක් දල්වමි හදවත ගින්නෙන් දවාන,,,
අවසන් සුසුමේ නිදාන ඉන්නා නැගනී,,,
ඔබටත් වැඩියෙන් පව් කරලා අප සසරේ,,,
අය්යා කියනා හඬ නෑ ඔබගේ යළිඳූ ,,,
මතු බවයෙත් ඔබ මගේම වේවා නැගණී,,,
සැනසුම් සුසුමේ සතපෙන සුදු මල් කැකුලී,,,
මව් පිය දෙදෙනා සිතින් මැරෙනවා වැළපී,,,
අකළට මිළිනවු සුරතල් නැගනිය මාගේ,,,
කඳුළල් අහසක් වාගෙයි නිවහන පාලූ,,,
වැටෙන කඳුලු කැට දෙපා වළින් පොඩිකරාන,,,
අරලිය සෙවනේ දේහය මිහිදන් කළාට,,,
පහනක් දල්වමි හදවත ගින්නෙන් දවාන,,,
අවසන් සුසුමේ නිදාන ඉන්නා නැගනී,,,
ඔබටත් වැඩියෙන් පව් කරලා අප සසරේ,,,
අය්යා කියනා හඬ නෑ ඔබගේ යළිඳූ ,,,
මතු බවයෙත් ඔබ මගේම වේවා නැගණී,,,
සැනසුම් සුසුමේ සතපෙන සුදු මල් කැකුලී,,,
මව් පිය දෙදෙනා සිතින් මැරෙනවා වැළපී,,,
අකළට මිළිනවු සුරතල් නැගනිය මාගේ,,,
කඳුළල් අහසක් වාගෙයි නිවහන පාලූ,,,
දැයෙන් අභීතව යන්නේ,,,නාමෙන් නොමියූ විරු ලෙසින්
සඳේ සඳ කැලුම සඟවා,,,මගේ ඔබ කොහේ ගියාදෝ,,,
සිතේ දුක් ගොඩක් රඳවා,,, බලා ඉමි සුසුම් හෙළමින්,,,
ගමෙන් ඔබ යළිත් ගියදා,,,අනේ මන් බලාන උන්නා,,,
ලබා රණ බිමේ විකුමන්,,,යළිත් එනු අතැයි සිතන්,,,
රටක් ඔබෙ සෙනේහෙ වින්දා,,,දිනෙව්දා පින් බිමේ අබිමන්,,,
මටත් වෙන කොහේද පැතුමක්,,,ඔබෙ ළැමේ සැතපීම හැරනම්,,,
පැතුම් හදිසියේ බිඳෙමින්,,,උපන්ගමට ආදා දජ යටින්,,,
නෙතින් පනින්නාවු කඳුළින් මිළින නොවූයේ කිමැයි මන්,,,,
ගියාද තල් අරණට දකුණින්,,,සැහැසිකම් එහි වූ නිසාවෙන්,,,
යළිත් රණබිමෙන් මෙහි ආවේ,,,රට වෙනුවෙන් සතුරට ලය පුදමින්,,,
දැයෙන් අභීතව යන්නේ,,,නාමෙන් නොමියූ විරු ලෙසින්,,,
හඬමී හොඳටෝම හඬමී,,,අහිමි වුනේ ඔබ මටනෙ මේ ලෙසින්,,,,
මා හද විළ විකසිත පෙම් මල් සිහිනය
ම,න,ළි,ය මියුරු සරින්,,,හිනැහීනම්,,,
හීනෙන් මන්මත් වූ තිසරුන්,,,ම,න,ළි,ය මියුරු සරින්,,,
මහදට ලoවීනම්,,, කොඳ මල් කැකුළු අරන්,,,
යහනේ ආල සුසුම්,,,සුවයක් දී ,,,සුවයක් වේ,,,
ම,න,ළි,ය මියුරු සරින්,,,
මා හා පෙම් බැඳි දා සොබනී,,රහසින් දුන්,,,ආල හැඟුම්,,,
මා හද විළ විකසිත පෙම් මල් සිහිනය,,,
සුවඳින් විකසිත කැකුළේ රස සොයමින්,,,සුව විඳිමින්,,,
රෑ ,,,සෙ,,නෙ,,හ,,ස කොඳුරන ,,,
පෙම්බර මනළිය,,,නoවන තිසර රැඟුම්,,,
පෙම් පහසෙහි සනසා උනුසුම දුන්නේ,,,
කවුරුත් නොදුන් පෙමින්,,,ම,න,ළි,ය මියුරු සරින්,,,
මා අතඟිළි අරගෙන පියමැන්නා,,,වියැළුන කතරට පිණි වැටුනා,,,
නැoවුනු සෙනෙහෙන් පෙම්සිත පීදී ආදර මල් පිපුනා,,,
සඳ කිරණින් නැහැවුනු සේ,,,සරසවමින්,,,
පෙම් දැහනට තුරුළුව සෙනෙහෙන් ළoකොට,,,
සුන්දර නුරා මතින්,,,රෑ සැනසුම් මිහිරේ ,,,
තාලෙට ගැහෙමින්,,,රිද්මෙට රැඟුවේ,,,
කවුරුත් නොදුන් පෙමින්,,,ම,න,ළි,ය මියුරු සරින්,,,
Subscribe to:
Posts (Atom)