පන්හිඳත් ඉකිගසයි මේලෙස

|

මතකයන් මියයාවිනම්,,,
මටත් නුබ අමතක වෙන්න තිබුනා,,,
එකහිතින් සමුගන්න හැකිනම්,,,
මටත් නුබ අතහැර යන්න තිබුනා,,,
තුන් හිතින් පෙම්කළාමුත් එය,,,
නුඹට නොදනුන හින්දා,,,
මටම වෙන්වූ පාලු ලෝකෙක ,,,
තනිව මා දුක් වින්දා,,,

සියපතක් වැනි සුමුදු කම්බුල්,,,
මතකයේ රැඳි හින්දා,,,
අදත් එන මි මල් සුවඳනම් ,,,
ඒ ඔබේමද මන්දා,,,
සිතපුරා රැඳි මිහිරි මතකය,,,
නිමක් නැතිවූ හින්දා,,,
හිමි නැතත් අන්සතුනොවූ නුඹ,,,
මතකයෙන් ළඟ උන්නා,,,

ලෝකයක් දිනු ජයක් සේ මo,,,
කප්පරක් පෙම් බැන්දා,,,
නුබත් පෙම්කළ ලෙසින් හිඳ මගෙ,,,
පෙමටනම් ලොබ බැන්දා,,,
කවි හිතක් මට උරුම කරදී ,,,
නුබ යන්න ගිය හින්දා,,,
පන්හිඳත් ඉකිගසයි මේලෙස,,,
නුබට පෙනුනිද මන්දා,,,

4 comments:

Mystery said...

මක් කරන්නද ලබා උපන් හැටි නේ :(

පබලු said...

ඔයා ලියන කවි නිතරම මම බලනවා.ඒ හැම කවියටම වඩා මම මේ කවියට කැමති..හුගාක් ලස්සනයි.

Anonymous said...

සියපතක් වැනි සුමුදු කම්බුල්,,,
මතකයේ රැඳි හින්දා,,,
අදත් එන මි මල් සුවඳනම් ,,,
ඒ ඔබේමද මන්දා,,,
සිතපුරා රැඳි මිහිරි මතකය,,,
නිමක් නැතිවූ හින්දා,,,
හිමි නැතත් අන්සතුනොවූ නුඹ,,,
මතකයෙන් ළඟ උන්නා,,,

ලස්සන අදහසක්,ගොඩක් ලස්සනයි.මම ඔයගෙ blog එකට හැම දවසකම එන කෙනෙක්.ඔයාගෙ හැම නිර්මාණයක්ම වින්ද කෙනෙක්.එත්...ඔයාගෙ මේ නිර්මාණය ඒ හැම එකකටම වඩා ගොඩක් වෙනස් දෙයක්. මට හිතෙනව මේ ඔයාට ඇත්තටම වුන දෙයක්ඩ කියල.කොහොම වුනත් ලස්සන අදහසක්. good luck.....

ruwan kumara maddage said...

ඔයල විතරයි මට ඉන්න යලුවො කිහිප දෙනා.මොකද මන් දුර රටක වෙහෙසකර ජොබ් එකක් කරන කෙනෙක් නිසා මට අනිත් බ්ලොග් එකක් කියවන්න උනත් මට දෙයක් ලියන්න උනත් තියෙන්නෙ පුන්චි මොහොතක් විතරඉ...ඔව් මේක මගෙ කවි හිතේ උපත....මට මේතරම් ලොකු කවි කමක් දීල ගිය මගේ ආදරය ගැන සැබෑ වේදනාවෙන් ලියවුනු කවියක්...ස්තූතියි ඔයාලට...අයෙත් එන්න...