මගෙ පූසි

Sunday, October 31, 2010 | | 5 comments »

ආදරණීය පුන්චි පූස් පටියෝ,,,උබට මතකද අපි හරිම ආදරෙන් හිටිය ඒ ලස්සන කාලේ,,,එත් මටනම් අදටත් මතකයි මගෙ පූස් පටියෝ.උබේ වoසේ නොවුනු මන් බලුවoසේ තමයි,,එත් ඒකම කිය කියා උබ මට විහිලුකළා...මට තරහ ගියෙ නෑ කවදාවත්,,,එකම වන්සේ නොවුන වුනත් අපි ආදරෙ කළා,,,මත් නුබත් නොහිතුවාට එකට ජීවත්වෙන්න බෑනෙ වන්ස දෙක්ක අයට,,,ඉතින් උබ මාව දාලා ගියා,,,මන් ඒ වෙලාවෙනම් කෑගහුවා,,උඩුබිරුවා,,නැට්ටෙන් හිටගෙනත් බැලුවේ උබ දුර යන දිහෑවෙ...උබ යන්නම යන්න යද්දි මට දරාගන්න බැරිවුනා පූසියේ.
උබ ගිය දවසෙ ඉදන් මට මතක්වුනා අපි ලඟින් ඉන්න කාලේ වුන සිදුවීම්,,,එවා හරිම මිහිරි මතකයන්,,,එත් නොකෙරෙනා දීගෙ හෙවනල්ලත් ඇදයි කියනවනේ,,,උබටත් ඒ දවස්වල පෙනුනෙම මගෙ වැරදි,,,එක්කෝ මන් දීව එලියට දාගෙන නිදිමතෙ වගේ කියලා යනවා යන්න,,,එක්කෝ මන් උඩුබුරනවා සද්දේ වැඩී කියනවා,,,එක්කෝ මo ලඟ උබට ගදයි කියනවා,,,එහෙම නතිනම් මන් නගුට වනනවා වැඩී කියනවා,,,හිකි හිකි,,,උබට මතකද පූස් පැටියෝ,,,එත් මන් උබට ආදරෙ නිසා ඒවා ගනන් ගත්තෙ නෑනේ...
සමහර වෙලාවට උබ මාව රිදෙව්වා,,මන් නිදන් ඉන්නකොට උබ හොරෙන් ඇවිත් එක පාරටම කඩාපැන්නා,,,නිකම්ම නෙවේ,,,ඇගම පුම්බලා,,,අත් දෙකම උස්සන් උඩින් පැන්නේ,,,ඒ වෙලාවට මට රිදුනත් මන් උබට ආදරේ නිසා ඉවසුවා,,,උබේ හැටි මන් දන්න නිසා...සමහර වෙලාවට මන් නගුට වන වන කල්පනාවෙ ඉද්දි උබ හොරෙන් ඇවිත් නගුටට පැනලා ඒක එක්ක දැගලුවා,,,මන් රිදෙන වෙලාවටත් උබ එක්ක හිනවුනා,,,උබට මන් හරි ආදරේ නිසා,,,වෙලාවකට උබ මට ඉන්නම දුන්නෙ නෑ,,සූරනවා,,,හපනවා,,,දුවන් ඇවිත් ඇස්දෙකටම පැනලා මගෙ ඇස්වලින් කඳුලු වැට්ටෙව්වා,,,මතකද මගෙ පූසිට,,,එත් මන් උබට සැර කලාද,,,නෑ නේද.
එත් උබ මට හොරෙන් වෙන පූසෙක් එක්ක මුකුලු කරන වග දැනෙද්දිනම් මට ඉවසගන්න බැරිවුනා,,,ඒවෙලාවටත් මන් උබ වන්ස දෙක්ක කියලා මතක්වෙලා උහුලගෙන හිටියා,,,මගෙ පූසි යයි කියලනම් හිතුනෙ නෑ මාව දාලා,,,උබ එහෙම ඉදලා උනත් ආයෙ මන් ලඟට ඇවිත් පොඩ්ඩක් බල්ටියක් ගහලා ඇහක් ගහලා මූන ඉබින්න ලන්වෙද්දි මන් අයෙත් හිත හදා ගත්තා,,,ඒත් උබ එහෙම දිගටම කරද්දි මටත් අදරෙට ලෝබ කම දනුනා,,,ඇත්තමයි පුස් පැටියෝ මට උබ නැතිව ඉන්න බැරි නිසයි ඒ.කොහොම හර් උබ වැරදිත් කරලා මන් ලඟට ඇවිත් පුම්බගෙන එක පාරටම උඩින් කඩා පැනිද්දි මට එක දවසක් පොඩ්ඩක් තරහ ගියා,,,මන් බලු වන්සෙ හින්දම නෙවේ,,,බලු ගතියටත් නෙවේ ...ආවෙගයටයි ගොරවලා අතින් එකක් ඔලුවට ගැහුවේ,,,එත් මන් ඒ හැපුව නෙවේ පුසියේ,,,හපන්න පුලුවන් උනත් මන් හපන්නෙ නෑ උබට...ආදරෙ නිසා...අනේ මන් හිතුවෙ නෑ උබ හුගක් දරුනු වෙයි කියලා,,,උබ පන්න ගමන් මට හපලා දිව්වේ වෙනදා මන් ලගින් හිටපු පූසිය වගේ නෙවේ,,,හරියට කොටි පටියෙක් වගේ,,,මට උඩු බුර බුර දුක උහුලගන්න විතරයි පුලුවන් උනේ,,,
මන් හුගක් දුකෙන් මගෙ පූසියේ,,,ඒත් මගෙ වන්සේ, නොකෙරෙනා දීගෙට මුල...ඒත් මන් ආදරේ කලා උබට,,,ඒකයි උබව ,උබේ පූස් සුවඳ,,,උබ ලගින් ඉද්දි පුරු පුරු ගාපු හැටි මතක් වෙද්දි තාමත් මන් බිම දපලා කල්පනා කරන්නේ,,,උබ කොහෙ හිටියත් මන් තරහ නෑ පූසියේ,,,ඒත් උබට පුලුවන් වෙලාවක වරෙන් මාව බලල යන්න,,,ආදරෙ අරන් නෙවේ...පුන්චි හිතවත්කමක් අරන්,,,.මත් ඉන්නම් ආදරෙ නැති ගානට හිත ඇතුලෙ හන්ගන්...

හැර දමා ගියත් ඔබ,,, දුන් සෙනෙහෙ ඇතී

Thursday, October 28, 2010 | | 2 comments »

හිත දුවන දුවන අත ,,,මට මෙල්ල නැතී,,,
ඔබ මටම දුන්නු දුක ,,,වාවන්නෙ නැතී,,,
සිත් කතාකළත් යළී ,,,මට හිමිව නැතී,,,
ඇයි ගියේ කියන් ඔබ ,,,වැටහෙන්නෙ නැතී,,,

හැර දමා ගියත් ඔබ,,, දුන් සෙනෙහෙ ඇතී,,,
දුර තියා උනත් අපි,,, හිනැහුනා ඇතී,,,
අපි අපට නැතත් අද,,, මතකයම ඇතී,,,
මට කියා යන්න ගිය ,,,හේතුවක් ඇතී,,,

නින්ද නැතත් මට,,, ඔබ නින්දෙ ඇතී,,,
කඳුලු බිව්වේ මා,,, ඔබ සතුටු ඇතී,,,
ඈත බවයෙදිත්,,, හමුවන්න ඇතී,,,
රේල් පීලි අපි ,,,වෙන් වෙන්ව ඇතී ,,,

ගැලූ කඳුලු සාක්ශි මේ වැටෙන කඳුලු සෙන්කඩගල අහසින්

Tuesday, October 26, 2010 | | 2 comments »

නිමක් නොමැත වැටෙන කඳුලු
නුවර වැවට උඩින් රිදුනු
සෙන්කඩගල අහසින්,,,
කවදාවත් සිඳෙන්නෙ නෑ
රජ අණයෙන් දිවි දන් දුන්
පුoචි පැටව් තිදෙනෙකුගේ කඳුළැල්,,,

අම්මා කෙනෙක් මැරෙන්න පෙර
දරු දුකකින් අඳොනා දුන් කඳුළින්,,,
බෝගම්බර වැවේ වතුර දළදාවට දුක කියමින්
ඉකි බිඳ බිඳ වැළපෙනවා දුකකින්,,,

ඇහැළෙපොලට රිද්දවන්න
රජිදෙකුගේ මුවින් නැගුනු වදනින්,,,
ගැලූ කඳුලු සාක්ශි මේ සියපත් නැමි දළදාවට
වැටෙන කඳුලු සෙන්කඩගල අහසින්,,,

පන්හිඳත් ඉකිගසයි මේලෙස

Friday, October 22, 2010 | | 4 comments »

මතකයන් මියයාවිනම්,,,
මටත් නුබ අමතක වෙන්න තිබුනා,,,
එකහිතින් සමුගන්න හැකිනම්,,,
මටත් නුබ අතහැර යන්න තිබුනා,,,
තුන් හිතින් පෙම්කළාමුත් එය,,,
නුඹට නොදනුන හින්දා,,,
මටම වෙන්වූ පාලු ලෝකෙක ,,,
තනිව මා දුක් වින්දා,,,

සියපතක් වැනි සුමුදු කම්බුල්,,,
මතකයේ රැඳි හින්දා,,,
අදත් එන මි මල් සුවඳනම් ,,,
ඒ ඔබේමද මන්දා,,,
සිතපුරා රැඳි මිහිරි මතකය,,,
නිමක් නැතිවූ හින්දා,,,
හිමි නැතත් අන්සතුනොවූ නුඹ,,,
මතකයෙන් ළඟ උන්නා,,,

ලෝකයක් දිනු ජයක් සේ මo,,,
කප්පරක් පෙම් බැන්දා,,,
නුබත් පෙම්කළ ලෙසින් හිඳ මගෙ,,,
පෙමටනම් ලොබ බැන්දා,,,
කවි හිතක් මට උරුම කරදී ,,,
නුබ යන්න ගිය හින්දා,,,
පන්හිඳත් ඉකිගසයි මේලෙස,,,
නුබට පෙනුනිද මන්දා,,,

සුරලියක රැඟුමන්

Monday, October 18, 2010 | | 4 comments »

නීල මානෙල්,,,පිපී රඟ දුන්,,,
විලේ සඳකැන් ඉතිරිලා,,,
මීන දෙනුවන් ,,,කරන ඇරයුම් ,,,
සුරලියක රැඟුමන් හෙලා,,,

හදේ පෙරකල්,,,නොවූ දඟකම් ,,,
කළා ඉඟ සුඟ පද්දලා,,,
සරාගිකමන් නොවූ තපසුන්,,,
පවා දැහැනින් ගැස්සුනා,,,

ගිලී හසරුන් ,,,පියා සළමින්,,,
දමා යයි විල්තෙර කියා,,,
බලන් උන් මට,,, කළා ඉඟිකම්,,,
සොරාගෙන නෙතු අoජනා,,,

මැතුරූ සිල්පද ලගින් හිදන් ඈ මාගේ ,,,

Saturday, October 16, 2010 | | 2 comments »

ලස්සන අහසට ඉස්සුනු කන්දෙ විහාරේ,,,
සුදු නෙලුම් අරන් සුදු නoගිත් ආ දවසේ,,,
සිත් මත සිත් තියලා බෝ සමිදුන් සෙවනේ,,,
පැතූ පැතුම් තාමත් පිපෙනව සිත් යායේ,,,

සුදු සඳ සිල්ගන්නා සේ පෝදා අහසේ,,,
මගෙ සඳ මට පින් කෙතක්ය මා සිත් යායේ,,,
ඉර හඳ තරු යට සක්මන් කරමින් රහසේ,,,
පැතුම් පතනවා තාමත් අපි සන්සාරේ,,,

සන්සුන් දැහැනින් පින් සිතඟින් බෝ සෙවනේ,,,
මැතුරූ සිල්පද ලගින් හිදන් ඈ මාගේ ,,,
පුන්‍යවන්ත සඳ වෙනනයි මා සිත් අහසේ,,,
නෙලුම් පුදා පතුවෙත් යළි මතු සන්සාරේ,,,

මුවහත් අසිපත් ළඟ සියපත ලොව දිනු දේවී

Friday, October 15, 2010 | | 2 comments »

හසකැන් දුටු දුටු මන් උන්මාදවු පෙම් සාරී,,,
මුවහත් අසිපත් ළඟ සියපත ලොව දිනු දේවී,,,
සසරේ ඈත දුරත් මගේම වූ රජ කුමරී,,,
පෙරුමන් පුරා සෙවූ එක්ටැම්ගෙයි චිත්ත්‍රාවී,,,

වෙසෙසින් ගමන් මගේ ගිමන් නිවූ පිනි සිසිලේ,,,
තරුමල් නෙලා දෙන්න පියා සැලූ රණ තිසරී,,,
ලතැවුල් මකා දමා ළැම දෙතොලින් රස ගැන්වූ,,,
සුළලිත තඹර අතර සුව රැන්දූ රඟනාවී,,,

සුසුමන් හෙලූ යුගය අවසන් වූ රෑ යහනේ,,,
සඳකැන් හෙලන සරින් කවුලු පියන් හැර රහසේ,,,
හමුවී සුයාමයේ දෙව්ළිය මැව් සුව අතරේ,,,
කුස තුළ සෙමින් රැඳුනු කුමරෙකි සිරි ළක දිනුයේ,,,

කදුළක් ඇත පෙරටත් වැඩිය

Wednesday, October 13, 2010 | | 1 comments

ලoවීමක් ඇති හැම විටම,,,
වෙන්වීමක් ඒ අග නියත,,,
එනමුත් නුබ ආ දින සිතට,,,
දැනුනේ නෑ ඒ බව සබඳ,,,

කඳුලින් බර මා නෙත් මතට,,,
නුබ ඇවිදින් තැවරුනු කමට,,,
සිනහව පීදුනු මල් සුවඳ,,,
සුළඟෙහි මුසුවිනි දස අතට,,,

සුවබර හීනෙකි නිදි දුවක,,,
ගෙන ආ රස සිහිනෙකි සතුට,,,
යළි ඇහැරී බැලු විට නිබඳ,,,
කදුළක් ඇත පෙරටත් වැඩිය,,,

අප්පච්චී

Thursday, October 7, 2010 | | 2 comments »

රුසිරු සොයන දිවිගමනේ,,,ඔබ මට සිල් සුවඳක්,,,
ගිමන අතරේ සිසිලස දෙන,,,ඔබ මට පිනි වැස්සක්,,,
මලක් ලෙසින් මා උසුලන,,, ඔබ මට මල් අසුනක්,,,
අප්පච්චී ඔබ මගෙ දිවියට,,,දොලොස්මහේ පහනක්,,,

කෙතටම දියවූ දහදිය,,,රටටම දුන්නේ බතක්,,,
අපටම වෙන්වූ හිතකින්,,, ඉහිලූ දුක්ම ගොඩක්,,,
රටටම රජෙකුන් නොවුනට,,,ගමටම ඉටුදෙවියෙක්,,,
අප්පච්චී මගෙ දුක් ගිනි ලඟ,,,ඔබෙ හිත වෙඬරු පිඩක්,,,

කෙත් වතු වැව් බැඳි ගතිනුයි,,,හැදුනේ දරුවො ගොඩක්,,,
ඒ විරු දරුවන් අතිනුයි,,,රැකුනේ මෙවන් රටක්,,,
නෙලුමක් බුදුනට පුදදෙන,,, පෝදා පෝය සඳක්,,,
අම්මා අහිමිව ගිය මට,,,අප්පච්චී සෙනේ ගඟක්,,,

හිමි සඳු නමින් හෙලන කඳුලැල් ගඟක්

Tuesday, October 5, 2010 | | 1 comments

දේදුනු සිහින ලෝකයක් ගෙනෙනා ලෙසින්,,,
කතරින් ඇවිත් මාව සිඟමන් යැදන්,,,
අතඟිළි රනින් පැළඳ දුර එක්කරන්,,,
ගිය ඔබෙන් ලද දිවිය මලගම තරම්,,,

හිමි සඳු නමින් හෙලන කඳුලැල් ගඟක්,,,
උරුමයි මටත් විඳිමි සෙනෙහේ නමින්,,,
එනමුදු අපේ දූ දරුවන්ටනම්,,,
බර වැඩිය ඔබ රඟන නොමිනිස් රැඟුම්,,,

මා රැඳුනු සිරියහන නුබගේ වෙමින්,,,
මා ඉදිරියෙම ලoව වෙන වෙන ලඳුන්,,,
ඔබ විඳින රස මිහිර මගෙ හිත පලන්,,,
මැරි මැරිම විඳවන්නෙ ඉරණම ලෙසින්,,,