මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්

|

මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්,,,
එක වදනක් නගන්න මo වෙනුවෙන්,,,
දුක් දාහක් සේදූනු මගෙ කඳුලින්,,,
පිනි මල් වැහි වහින්න ඔබ වෙනුවෙන්,,,

ඉස්සර මගෙ අහසෙහි තරුවයි,,,
අද අන්සතු අහසක ඔබ තරුවයි,,,
සඳ හැන්ගෙන්නට මත්තෙන් ඒකයි,,,
මo හැන්ගෙන්නේ නුබ නැති දුකටයි,,,

බිoදුම බේරුනු කඳුලුවලින්,,,
නින්දට අවසන් සුසුම ළඟයි,,,
දිව්වට දිවිහැර යන රිසියෙන්,,,
යන්න හිතත් නෑ ඔබට හොරෙන්,,,

3 comments:

මෝඩයා said...

හැඟුම්බර පද පෙළක්.....

Pasan said...

මේ ඇස් පියවෙන්නට මත්තෙන්
දකින්න ඈත්නම් නුඹ රුව රහසින්
අන්සතු ළදකට මා පෙම් බැදුමින්
දුක විතරද අද උරුමය මෙලසින්

හඩන්න කදුලැලි දෙනෙත පිරෙන්නට
නගන්න සුසමන් සිහිවන සැම විට
හිදින්න නුඹ ලග මේ හැම මොහොතට
කියන්න ඇයි නුඹ හැර ගියෙ මෙලෙසට

ruwan kumara maddage said...

anemandaa pasan..thanks ..lassana comment ekata