සන්සුන් දැහැනින් මිදෙන්නෙපා

|

නිල් තරු නෙතු යුග අබියස,,,
ඉන්න හිතයි මා සදහට,,,
සන්සුන් දැහැනින් මිදෙන්නෙපා,,,
ඉන්න ළඟින් හිස තියාන,,,

දයාබර සිතක සෙනෙහස,,,
මාහට දෙන සුව අපමනයි,,,
මල්පෙති සිත මා තලන්නෙනෑ,,,
ඉන්න ළඟින් නෙතු අයාන,,,

කාත් කවුරුවත් නැතිවිට,,,
එන්න දුවන් මගෙ සෙවනට,,,
නෙතඟින් කඳුලක් හෙලන්නෙපා,,,
ඉම්මු ලඟින් දුක බෙදාන,,,

2 comments:

මෝඩයා said...

ආදරණීය පද පෙළක්....keep up the gd wrk...:D