අප්පච්චී

|
සිල් සුවද හුරු නුඹේ ගාවින්...
අම්මා වෙන් වී ගියත් අප්පච්චී...
මන්මුලාවුනු පුංචි පුතුහට...
දුන්නු සෙනෙහස ඔබේයි අප්පච්චී...
කිරි සුවද මට අහිමි වු විටදී
නුඹේ ළයෙහි කිරි එරුනු බව...
දැනුනා අප්පච්චී...

කදුළු දැනෙයි මේ දෙනුවන් රිදිලා...
නුඹේ සුසුම් දැක අප්පච්චී...
සාගර වෙරළේ රලට වඩා මට...
බොහොම බරයි නුඹ විදි දුක්,,,

මේ විදිනා දුක පියෙකු විදින්නේ...
බුදු බව මතු පතනා විටදී...
ඔබේ සසුනේ පැවිදි ලබන්නට...
දෙන්න වරම් මට අප්පච්චී....

0 comments: