දුක අහන්න කවුරුත් නැතිවිට...

Sunday, November 29, 2009 |

සිත ගිනිගෙන දැවෙනා මොහොතක..
හදවත හඬනා සැම මොහොතක...
දුක අහන්න කවුරුත් නැතිවිට...
සිහියට නගුනේ ඔබ පමනයි....
අම්මේ ඔබ පමනයි...අම්මේ ඒ ඔබ පමනයි....

සයුරු හතක් දුර ඈතක උන්නද...
රැයක් දවාලක් නැතිවම වෙහෙසෙන...
වින්ද නිදහසම අහිමිව ගිය මට...
සිහිවෙනවා ඔබේ සුවඳම...
අම්මේ ඔබේ ගුන සුවඳම

හිම වැටෙනා සීතල කාලෙක...
හදවත් ගල්වූ මිනිසුන් ලඟ...
ගත සිත තලෙනා වැඩ යාමෙක..
සිහිවෙනවා ඔබේ සුවඳම...
අම්මේ ඔබේ ගුන සුවඳම...

0 comments: