ඔබේ ආදරේ

Tuesday, November 24, 2009 |
ඔබේ ආදරේ මල් යහනක්...
සුවද හමන මල් යහනක්..
ඒ මල් අතරින් හිතට ඇනෙනවා
දරන්න බැරිකටු ගානක්.

තරු එළිය වගෙයි ඔබෙ දෙනෙත් වලින්...
සෙනෙහස මවනා විට රෑට දුරින්...
හිරුඑළිය වගෙයි ඔබ දිවා සරෙන්...
හදට වේදනා රිදුම් ගෙනෙයි....

මහමෙරක් තරම් පානා සෙනෙහෙන්...
සිත් අහස හැඩයි දේදුනු පැහැයෙන්...
ඒ අහස වගේ ඔබ වෙනස්වෙවී...
සිත් මලුවට මහවැසි අකුණු ගෙනෙයි.

0 comments: