ආල නියාවෙන් රස නුරා ,,,,

|
නීල නයන නෙතු රඟනා විළාසිනි,,,
නාරිලතා මල් පිපිලා සිනාසුනි,,,
කෝල බැලුම්දී ...ආල හැඟුම් දී ...
කීව කතා මoමත් කළා සිත,,,
ආල නියාවෙන් රස නුරා ,,,,

මාන බලා නුඹ උන් දිහෑ නෙතු,,,
ආවා ගියා නිතරම සෙනේ තතු,,,
පෑව සිනා වසඟෙට  වෙලා නතු,,,
රූප ශ්‍රියා  නුබ හැඩ කළා සිතු....
රූප ශ්‍රියා නුබ හැඩ කළා ....

දෑත සළා යන හoසියක හැඩ,,,
විඳි මෙමා දුර සිට නුඹේ රඟ,,,
නේත්‍ර විළේ දිය සඳ රැසින් තෙත,,,
යාත්‍රා කළා තිසරුන් සොයා සිත,,,
යාත්‍රා කළා තිසරුන් සොයා,,,,

0 comments: