ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,

|
ඉස්සර හමුවූ ගුරු පාරේ අපි,,,
අත් වැල් පටලන් බැඳුනු පෙමින්,,,
සිනා පිරූ හැටි,,,සෙනේ පිරූ හැටි
අමතක නෑ  මා සිතක පැතුම්,,,
එනමුත් ඔබ අද ගමෙන් දුරස්වී,,,
අතීතයම අමතකව ගිහින්,,,,

නීල ජලේ පිරි වැව් දිය කෙළියේ,,,
නුඹ සමගින් පෙම්ගී ගැයුවේ,,,
මාල බඳින්නට ඔබ තව නාවත් ,,,
ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,
ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,

ගාන තෙල් සඳුන් ඉසර නොව අද,,,
නෙතු පිය තොල් හිස පාට වෙලා,,,
දෑස රිදෝගෙන බලාන උන්නත්,,,
පැතූ වසන්තය මල්පෙති ගිළිහෙයි,,,
පැතූ වසන්තය මල්පෙති ගිළිහෙයි,,,

2 comments:

meegodaya said...

ලස්සන කවක්.............

මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ ගීතය මතක් උනා

ruwan kumara maddage said...

bohoma sthuthi obata..mee godayaa