සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ

|
ලොකු හමුදුරුවෝ නිතරම කිව්වත්  පොඩි නම එපා නිදන්න,,,
නොදැනිම වාගේ නින්දක් එනවා ගිය විට බවුන් වඩන්න,,,
ඒ පොඩි නින්දෙත් හීන දුවනවා අම්මගෙ සෙනෙහෙ ලබන්න,,,
ගන්ඨා නාදෙන් යළි ගැස්සෙනවිට හිනැහෙයි ලොකු හිමියන්ද,,,

පුoචි යාලුවෝ රoචු ගැසෙනවා වැව් කන්ඩිය උඩ හමුවීලා,,,
යන්න අවසරද  පොඩ්ඩන් අතරට ඩිoගක් ඉන්නට එක්වීලා,,,
දoඩි පැටව් අල්ලන්නේ නෑ මo පර පණ  නැසීම පව් හින්දා,,,
දිය බුන් ගැසුවත්  සිවුර දරාගෙන පවක් වුනාදැයි මo දන්නෑ,,,

සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ,,,
එනමුත් පෝදා අම්මා ආවම ඇයි දන්නෑ කඳුලැල් වැටුනේ,,,
ලොකු හාමුදුරුවො හරි කරුණාවයි වරදට මිස නෑ දොස් කීවේ,,,
පිය සෙනෙහස මට ඒකයි දැනුනේ බුදු බණ ඇසෙනා දම් යායේ ,,,

0 comments: