සඳළිය සතුටින් කුළගෙට එනදා ,,,

Sunday, February 19, 2012 |
සඳ ගිර මාල බැඳන්,,,,සිරිපා වැඳගෙන,,,
තරු යහනේ සැතපෙන මනරම්,,,
මනළිය දීගෙක  කැන්දන් එන්නට,,,
සුබ මොහොතයි කුමරුට මනරම්,,,

සඳළිය සතුටින්  කුළගෙට එනදා ,,,
අතැඟිළි මුදු පැළඳූ නැකතින්,,,
හිනැහුන විට පෙම් යුවළම සොඳුරුයි,,,
සුබ පැතුමන් නෑසිය මිතුරන්,,,

විකසිත දෑසක සියපත් පිපුනා ,,,
ආසිරි මල් වැසි වර්ෂාවෙන්,,,
සැනසුම් සෙනෙහස කිරි ඉතිරේවා,,,
ආශා දැහැනට සුබපැතුමන්,,,

2 comments:

Anonymous said...

great work............

කිරිපුතා said...

කිරි ඉතිරේවා.......