|
සිත රිදිලා,,,දුක දැනිලා,,,හදේ වේදනා,,, තනි වීලා පෙළ ගසලා,,,අකුරු අමුණලා,,, නිදිවරලා ,,,කඳුලු සලා,,,සෙවූ කල්පනා,, කවිකළදා එළිකරලා කවියො හිනැහෙනා,,,, සඳ සොයලා තරු සොයලා,,,අකුරු අමුණලා,,, මල් සොයලා,,,රොන් සොයලා,,,පින්න තවරලා,,, උපමා ගෙන ගොනු කරළා සිතුවම් කරලා,,, ලියූ වදන් ගැයෙන රිසින් සවන් සැනසෙනා,,, ලොවේ දනන් හෙලන සුසුම්,,,මිටින් ගෙනල්ලා,,, සිනා සරින් විඳින හැඟුම් සිහින් ගෙනල්ලා,,, කවියො අතින් නිමා කළත් ගීත නිබන්දා,,, කාසි නොවෙයි සතුටු සිතයි කවියො දකින්නා,,,

2 comments:

Kavindya said...

කවියන්ගේ හැඟුම් කවක් ලෙසින් කියලා
කවි සිත්වල මල් මදහස දෑසින් දැකලා
සඳ තරු සොයලා ඇමුණුව කව කියවාලා
පහන් වුනා සිත්මණ්ඩිය කවි කම දැකලා