කෝ මට වසන්තයක්...
නා තුරු පත් මත පිණි කඳුළක් තවරා,,,
වැටුනා රූරා ජීවිතයම නහවා,,,
පීදෙන නාමල් සුවඳට හිත යොමලා,,,
සීතල සිත දිව පැන්නා ඔබ සොයලා
කෝ මට වසන්තයක්,,කෝ මට වසන්තයක්...
වාවනු බැරි සිත යළි පාරන්නට වැටෙනා අසනි වැසී,,,
යාවුනෙ නැති සිතකින් සෙව් සෙනෙහස කඳුලින් දියව යතී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,
ගී හඬ පතුරා කොවුලන් නගනා මිහිරියි ගීත රසේ,,,
එනමුදු ඒ ගී කාටද ගයුවේ,,,මා සිත තාම නිදී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,
ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා
ලොකුම ලොකු ආලයක් ඔබට මන් දුන්නා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
තරු රටා අතර සඳ සක්මනෙ යෙදුනා,,,
සඳ වඩින්නට කලින් යහන හොරු ඉරුවා,,,
කඳුලු වැහි කූඩයක් නෙතු කඩා වැටුනා,,,
සාගරය පිරෙන්නට කඳුලු ගඟ ගැලුවා,,,
ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා,,,
ඒත් අද සිල් හිතම මල් අසුන බින්දා,,,
සිනාසෙන නෙතු අතරෙ මල්සුවඳ සෙව්වා,,,
එත් ඒ මල් කැකුලෙ බබරු රොන් සෙව්වා
විරැහිණියක් වී ඔබ හැඬුදා,,,
විරැහිණියක් වී ඔබ හැඬුදා,,,
මා දෙනෙතින් කඳුලක් වැටුනා,,,
අනුකම්පාවක් දයාව විළසින්
සෙනෙහස් මල් කැකුළක් පිපුනා,,,
පෙර සoසාරෙත් හමුවීලා,,,
උන්විළසින් අපෙ සිත් බැඳිලා,,,
එනමුදු කිසිදා එක්වීමක් නැත,,,
මා අතැඟිළි වෙනතක බැඳිලා,,,
බොල්පිණි මල් පෙති මත රැඳිලා,,,
උන්නත් මොහොතක සුව සදලා,,,
ආයෙත් අසරණ පිනිමල් කැකුලට ,,,
ජීවිතයම කටු වැට බැඳිලා,,
අභිනික්මන
බෝසත් උතුම් මෙලොව මිනිසත් ලෙසින්,,,
විඳි සුඛ විවරණ පසෙකලා,,,
අභිනික්ගමන් යන්න ආ මග ඉඳන් ,,,
කන්ථක අසුත් දුකින් මියැදුනා,,,
සඳකැන් ඇවිත් නේරන්ජන නදී ලඟට,,,
හඬමින් සිටින ඇයව සැනසුවා,,,
මැදුරේ තනිව හඬන කුමරී හෙලූ කඳුලු ,,,
රාහුල පුතුන්වත් නැහැවුනා,,,
අසිපත් මුවින් සිඳුනු කෙස් සිළ අරන් දෙවිඳු,,,
බෝසත් නමින් සාදු නද කළා,,,
සසරේ ගෙනා සියලු කෙලෙසුන් නසා දිනෙක ,,,
අදිටන් බෙලෙන් එතුමෝ බුදුවුනා,,,
මා අත් තටු බිඳලා
වැව වටේ පිපෙන ඇහැල මල් ගෙනල්ලා,,,
සුවඳ ඉසලා,,සරසාලා,,
මල් රටා අතර මා සිත සනසා,,,
මේ විළසින් ඔබ ,,,
ඒ සයනයේම මා අත් තටු බිඳලා,,,
කාටවත්ම තිබුනේ නෑ මේ කුටියට එන්න ඉඩක්,,
සොඳුරු දසුන් මැව්ව ඔබම දුන්නෙ ආදරේට ඉඩක්,,,
අහිoසකම කිරිල්ලියට විළඳ ගෙනෙන ලෙසින් ඇවිත්,,,
මල් පෙති මත ලේ හලලා යන්න ගියේ කොහොම දුරක්,,,
කවුළු පියන් හැර බලද්දි පෙනුනෙ වැවයි ඇහැල වැටයි,,,
ඒ අතරින් සිහිනෙන් මෙන් මැවුනේ ඔබේ සොඳුරු රුවයි,,,
ඇහැල මලට මල් සුවඳට වඩා සුවඳ දුන්නු ඔබයි,,,
බඹර තුඩින් ඇහැල මලේ පෙති සිඳ බිඳ සැඟව ගියයි,,,
ජීවන ගමනට මව මෙන් පණ දුන් නුඹ අම්ම වාගෙම දැනෙනා,,,
රෑ සඳ පින්නේ,,තාලෙට හිනහී,,,
මා සිත පුබුදන්නී,,,
ආදර යහනට මී විත ගෙනදී ,,,රහසින් කොඳුරන්නී,,,
සීතල පවනේ උණුසුම පතුරා මාහට ලන්වන්නී,,,
ජීවන ගමනට නුඹ දුන් සෙනෙහෙයි,,,
මා සිත මතුරන්නේ,,,
අතිනත ගත්දා මා වත බදාන නුබ හැඬුවා සෙනෙහස කොඳුරා,,,
කතරක වැතිරී පණ ඇයැදූ මන් නුඹ සමගින් හැඬුවා ඉඳුරා,,,
සුසිනිදු කුස රැඳි පිබිදෙන කැකුලට ඔබ දන් දුන් සෙනෙහස දිලුනා,,,
ජීවන ගමනට මව මෙන් පණ දුන් නුඹ අම්ම වාගෙම දැනෙනා,,,
සඳෙන් ඒ සාවි මැකෙන්නෑ
ඔය නිල් දෙනුවන් දෙසම බලා මා,,,
සෙනෙහස පිරි ඒ කාලෙ පුරා,,,
ඔබෙන් රිදුම් දුන් හදේ සියුම් තැන්,,,
මගේ සිතින් මා පිරිමද්දේ,,
ඔබ ගිය දා සිට මා රිදවා,,,
අප වෙන්වීලා වැඩි ඈතක නෑ,,,
ඒත් ඔබට දැන් මාව මතක නෑ,,,
අන් හද කුටියක සෙනෙහෙ සොයා නුබ,,,
තුරුලුවෙලා උන්නාට පුදුම නෑ,,,
සද තනිවූවට සාවි හඬන්නෑ,,,
ඒත් සඳෙන් ඒ සාවි මැකෙන්නෑ,,,
මන් තනි වූවට නුබට දුකක් නෑ,,,
ඒත් ඔබව මගෙ හිතින් මකෙන්නෑ,,,
තන්නි
Subscribe to:
Posts (Atom)