නුබෙ වත මැවිලා සඳටත් හොර රහසේ

|

සඳවත පෙනෙනා ඈත වළා තීරේ,,,
නුබෙ වත මැවිලා සඳටත් හොර රහසේ,,,
සීතල සිත ළඟ උනුසුම් හැඟුම් දැනේ,,,
හදවත අමතයි සෙනෙහෙන් නුබේ රුවේ,,,

සුලඟේ පාවුනු පුලුන් රොදක් වාගේ,,,
සිත් අහසේ රැඳි රූ චායා ඔබගේ,,,
මිමිණූ සෙනෙහස දවසක් මට රහසේ,,,
හදවත පාරයි ළඟ නැතිවිට මාගේ,,,

දෑත පළල්වූ පපුතෙර සූදානම්,,,
නුඹව දකින තුරු දෙනයන සූදානම්,,,
නුබ පිළිගැන්මට හදවත සූදානම්,,,
සෙනෙහස දෙන්නට මානම් සූදානම්,,,

1 comments:

ඉලංදාරියා said...

වෙනදාවගේම ආදරනිය පදපෙලක්..