හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්

|

දෙවි දේවතාවුන් විලසින් ගොසින්,,,
ඇස් හිස් මසින් ලෙයින් දිවි කැපකරන්,,,
තිස් තුන් කෝටියක් දෙවිවරු ලෙසින්,,,
රට සුරැකි විරුවන්ට වඳිනවා හිතින්,,,

ගිනි ගහන යුද බිමෙක දිව්වේ ඔවුන්,,,
නෑසිය සොයුරො දරුවො අමතක කරන්,,,
අප සැවොම රැකගත්තෙ දිවි තොරකරන්,,,
මිනිසත්කමින් ඔවුන් අගයන්න දැන්,,,

ලක් දෙරණෙ තිස් වසක් හැඬු මව්වරුන්,,,
හදවතින් බිරින්දන් ගිණි උහුලමින්,,,
පිය සෙනෙහෙ නැතිවුනත් පොඩි පන්චො දැන්,,,
හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්,,,

6 comments:

වැප් said...

බොහෝම වටිනවා .....

අප අද නිදහස උපරිමයෙන් භුක්ති විඳින්ගේ ඔවුන්ගේ කැපවීම නිසාමයි ....

ඉලංදාරියා said...

කාලින සිතුවිල්ලක්.........ලස්සනයි...

තිස්ස දොඩන්ගොඩ said...

දෙයියම්පා..සහතික ඇත්ත...!!

හෙළයා said...

දිවි දෙවෙනි කොට තබා පුදදී
අම්මා වටී අප සැම වැදූ එඩි දී
රැපු ගිනි බටය වැසු හින්දයි උර දී
හිනැහෙන්නේ ලක් අම්මා සෙනෙහෙ දී,
ඒත් නුඹ අද නිදි......

අගනා කවි පෙලක්.
මගේ ප්‍රණාමය ඔබට

ruwan kumara maddage said...

oyalata sthuthi..hugak ..man meka liyuwe..mage f book eke issarala daapu ranwiru poem ekata ,,moratuwe campus eke ekkenk ltte eke aya weerayo kiyala comment karala thibunaa.nidagena inna sinhala kotiyata as arenna liyuwe..