සාගරේ තරමට සෙනෙහස ගෙනා

| | 0 comments »
රාජිණියේ හසරැල් මැවූ,,,විරාජිණියේ ලතැවුල් නිවූ,,,
සාගරේ තරමට  සෙනෙහස මැවූ,,,ආදරී,,,
ආදරයේ,,,පැහසර මැවූ,,,මා දිවියේ,,,සුව දුක් ඇසූ,,,
සාගරේ තරමට සෙනෙහස ගෙනා පෙම්බරෝ,,,

ලඟ දැවටෙන විට මුදු සුවඳසේ,,,පෙම්සර මල් දුන් ලියේ,,,
ඔබෙ රුව දසුනින් සැනසුම විඳිනා,,,කිණ්නරා මම පoච කල්යාණියේ,,,,
දුර පෙර සසරෙත් මා ඔබෙම වී,,,පින්සර මුදු හද විලේ ,,,
යුග යුග යාවී සෙනෙහස ගෙන ආ,,,කිණ්නරී මම ඔබෙයි සoසාරයේ,,,

නෑඹුල් පැතුමින් හද පුරාලූ,,,ලොබ බැඳි දෙව්ලී මගේ ,,,
අශා දැහනින් මා සිත පිනනා,,,ලඹැදියේ ඔබ සදා වේවා මගේ,,,
රෑ සඳුසේ මගෙ තනි මැකාලූ,,,සුවරැඳි ඔබේ පපුතුරේ,,,
සැනසුම විඳිමින් හිනැහී ඉන්නා,,,කුමරුනේ මා සදා වේවා ඔබේ,,,,

සුන්දරයි කියන්නෙ කොහොම ඔබ වගේ සඳේ,,,,

| | 0 comments »
අම්ඹරේ දිලී දිලී ඉන්න රo සඳේ,,,
ගින්දරේ  නුවන් වසා ඉන්නෙ මා මෙසේ,,,
මoදිරේ ඉඳන් ගෙවන ඇගේ ජීවිතේ,,,
සුන්දරයි කියන්නෙ කොහොම ඔබ වගේ සඳේ,,,,

දෙනෙත් මතින් ගිලිහීගෙන කඳුලු වැහි උපන්,,,
දෙපා  මතට විසිරෙන්නේ ආදරේ කඩන්,,,
ආදරේම කියෙව්වාට මතුරලා මුවින්,,,,
දුක් දීලයි හඩන්නෙ ඇය අසරණයි සිතින්,,,

සිතුවිලි මත මල් පිපුනේ ඈ නිසා තමයි,,,
ඒ මල්යට කටුඇනුනේ හදවතේ මතයි,,,
විසිරෙන්නට ජීවිතයෙන් ආදරේ ලඟයි,,,
සියුමැලිකම් ගිලිහුනාම සොඳුරු ඇය වසයි,,,

සඳළිය සතුටින් කුළගෙට එනදා ,,,

| | 2 comments »
සඳ ගිර මාල බැඳන්,,,,සිරිපා වැඳගෙන,,,
තරු යහනේ සැතපෙන මනරම්,,,
මනළිය දීගෙක  කැන්දන් එන්නට,,,
සුබ මොහොතයි කුමරුට මනරම්,,,

සඳළිය සතුටින්  කුළගෙට එනදා ,,,
අතැඟිළි මුදු පැළඳූ නැකතින්,,,
හිනැහුන විට පෙම් යුවළම සොඳුරුයි,,,
සුබ පැතුමන් නෑසිය මිතුරන්,,,

විකසිත දෑසක සියපත් පිපුනා ,,,
ආසිරි මල් වැසි වර්ෂාවෙන්,,,
සැනසුම් සෙනෙහස කිරි ඉතිරේවා,,,
ආශා දැහැනට සුබපැතුමන්,,,

සිරියහනෙ කඳුලැල් සුසුම්,,,,

| | 0 comments »
කල්පනා සිහිනෙක කුසුම්,,,
පෙති හැලී වියලුනු කුසුම්,,,
සිරියහනෙ කඳුලැල් සුසුම්,,,,
මේ තරම් දෙහිතක රිදුම්,,,

මුදු මෙලෙක් රේඛා මතින්,,,
එදා සුව විඳි නෙතු තෙමන්,,,
විසිර යන්නට බලා විඳවන ,,,
ඔහු දුකින් සුසුමක් හෙලන්,,,

බිඟු තුඩින් සෙව් මියුරු රොන්,,,
පිරිනු මල් වියැලුනු සොවින්,,,
ගලන කඳුලත් ඇයට පෙවුනා,,,
ඉකි හඬට ගැස්සෙන රිසින්,,,,

හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,

| | 1 comments
චන්දකිණ්නරී ,,,වීද පෙම්බරී,,,
සoසාරේ දුර පිය මැන්නා,,,
බැන්ද ලබැඳිකම්,,,නින්ද අතරතුර,,,
මැදුරු දොරට සීමාවූවා,,,
සුසුම් දැවෙන සිත කඳුලින් දියකර,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,

නොසිඳෙනා කඳුලැල්,,,
වැලපෙනා සුසුමින්,,,
සිරිපා යුග මත දියකර හැරියා,,,
පෙරගෙනා ස්නේහයෙන්,,,

බිඳ දමා කෙලෙසුන්,,,
බුදුවෙලා එතුමන්,,,
සිරි යහන්ගෙයි හඬන කුමරිය ,,,
සැනසුවා දම්පහසින්,,,

සොඳුරුයි දසුන් ඔබ මැවූ,,,

| | 0 comments »
ඉකිබිඳ හඬාවැටෙන ගඟනතක කඳුලැල්,,,
මල් කිණිති සැනසුව තරම්,,,
දුක් ගිණි දරාගෙනම නුඹ දුන්නු සෙනෙහෙන්,,,
මගෙ හිතම සැනසුන තරම්,,,
සොඳුරුයි දසුන් ඔබ මැවූ,,,
නලවයි සිතුම් මල් පෙතී,,,
හිනැහී ලඟින් ඉන්න හැකිනම් සදා,,,
දුක් කඳුලු නිමවී යතී,,,

තනිවූ විරාමයක මනලෝළ සිත්තම්,,,
ඔබෙ රුසිරු හැඩකළ තරම්,,,
එ සිහින සක්මන්,,, ගමන් ගියපු විස්කම්,,,
ඔබවත් නොදන්නා තරම්,,,

සිසිලේ ගලා හැලෙන දිය කවක රිද්මෙන්,,,
මට සුවය ගෙනදුන් තරම්,,,
නෙක කඳුලු හoගාන ඔබ උන්නෙ මo ගාව,,,
දුර ඈත සසරේ ඉන්දන්,,,

සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ

| | 0 comments »
ලොකු හමුදුරුවෝ නිතරම කිව්වත්  පොඩි නම එපා නිදන්න,,,
නොදැනිම වාගේ නින්දක් එනවා ගිය විට බවුන් වඩන්න,,,
ඒ පොඩි නින්දෙත් හීන දුවනවා අම්මගෙ සෙනෙහෙ ලබන්න,,,
ගන්ඨා නාදෙන් යළි ගැස්සෙනවිට හිනැහෙයි ලොකු හිමියන්ද,,,

පුoචි යාලුවෝ රoචු ගැසෙනවා වැව් කන්ඩිය උඩ හමුවීලා,,,
යන්න අවසරද  පොඩ්ඩන් අතරට ඩිoගක් ඉන්නට එක්වීලා,,,
දoඩි පැටව් අල්ලන්නේ නෑ මo පර පණ  නැසීම පව් හින්දා,,,
දිය බුන් ගැසුවත්  සිවුර දරාගෙන පවක් වුනාදැයි මo දන්නෑ,,,

සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ,,,
එනමුත් පෝදා අම්මා ආවම ඇයි දන්නෑ කඳුලැල් වැටුනේ,,,
ලොකු හාමුදුරුවො හරි කරුණාවයි වරදට මිස නෑ දොස් කීවේ,,,
පිය සෙනෙහස මට ඒකයි දැනුනේ බුදු බණ ඇසෙනා දම් යායේ ,,,