උනුසුම් තලාවේ සැතපෙමි ඉතින් මo,,,

|
සමනල් කුමාරී,,සනසයි සිනාදී,,,
ලතැවුල් නිමාවී,,,අත්තටු සලාවී,,,
කුසුමන් විමානේ,,,සුවඳින් පිරීලූ,,,
රඟදෙන නෙතින් ඈ ,,,ඇරුයුම් කරාවී,,,

නිකැළැල් සඳක් සේ,,, සුදුවත දිලේවී,,,
මනළොල් හැඟුම් දී සිත චoචළයිලූ,,,
තුරුණුයි යොවුන් මා,,,මනසින් දඟයිලූ,,,
යටපත් සිතුම් මල් ,,,රොන්සුනු පුරාවී,,,

දෙතොලින් පිපීලා,,, පොපියන නුරා මල්,,,
අවනත නොවූවා හදවත ඉතින් දැන්,,,
බැමි බැඳි විළoගූ ගිලිහී බිඳෙයි දැන්,,,
උනුසුම් තලාවේ සැතපෙමි ඉතින් මo,,,

3 comments:

Anonymous said...

හරි ලස්සන පද පෙලක්..

ruwan kumara maddage said...

කොහොමද අම්මේ ,,,මා බිහිකරන්න

මේ තරමට දුක් විඳෙව්වේ,,,

ඇසිපිය කඳුලෙන් ලැමදුක් වසාන ,,,

මේ තරමට දුක් විඳෙව්වේ,,,

මහමෙරකට දුක් විඳෙව්වේ,,,


මුතු වරුෂා නැති කටු පොලොවේ,,,

කවුරුද අම්මව හැඬෙව්වේ,,,

මා කුස දරාන,,,සුසුමන් මකාන,,,

නොගැනිය හැකි දුක් විඳෙව්වේ,,,

අම්මා තනියෙම විඳෙව්වේ,,,


දලු මල් කැකුලයි ,,,හිල් පොල්කටුවෙන්

පෙති නොරිදෙන්නට පෙඟෙව්වේ,,,

ඒ මල් කැකුලට ලේ කිරි කඳුලින් ,,,

සෙනෙහස මුසු කර පෙඟෙව්වේ,,,

මැදුරක සුව මට දැනෙව්වේ,,,

ruwan kumara maddage said...

කොහොමද අම්මේ ,,,මා බිහිකරන්න

මේ තරමට දුක් විඳෙව්වේ,,,

ඇසිපිය කඳුලෙන් ලැමදුක් වසාන ,,,

මේ තරමට දුක් විඳෙව්වේ,,,

මහමෙරකට දුක් විඳෙව්වේ,,,


මුතු වරුෂා නැති කටු පොලොවේ,,,

කවුරුද අම්මව හැඬෙව්වේ,,,

මා කුස දරාන,,,සුසුමන් මකාන,,,

නොගැනිය හැකි දුක් විඳෙව්වේ,,,

අම්මා තනියෙම විඳෙව්වේ,,,


දලු මල් කැකුලයි ,,,හිල් පොල්කටුවෙන්

පෙති නොරිදෙන්නට පෙඟෙව්වේ,,,

ඒ මල් කැකුලට ලේ කිරි කඳුලින් ,,,

සෙනෙහස මුසු කර පෙඟෙව්වේ,,,

මැදුරක සුව මට දැනෙව්වේ,,,