සුමට සුසිනිදු ප්‍රේමයේ අනුහස්,,,

|
සුමට සුසිනිදු ප්‍රේමයේ අනුහස්,,,
රළුගලක් වුව  සනසාවි හදවත්,,,
ඉසුරුමුණියේ පෙම්යුවළ තවමත්,,,
ප්‍රථම ප්‍රේමෙන් ලබන රස පහසක්,,,

ලොවම සනසන මිනිස් නෙත් සඟළක්,,,
කියන නොකියන කතාවක රහසක්,,,
විඩාබර වූ සසර මග අපටත්,,,
තනිවෙලා වග දැනෙයි එක මොහොතක්,,,

නෙලූ කෝමළ රටා මත කැටයම්,,,
නැගෙන්නට ඇත දෑත මත තැල්මන්,,,
රිදුම් ලබමින් ඔහුගෙ ඩහදිය පැන්,,,
අදත් උතුරයි ඉසුරුමුණි පොකුණෙන්,,,

0 comments: