සුදු මල් මිටක් නෙලාලා,,ඔබේ සුරතෙ තැබුවේ,,,
නෙත් විල් මතින් ගලාලා,,, කොපුල් කඳුලු තෙමුනේ,,,
යන්නට වුනත් දමාලා,,,වැලපී දෙසිත් තැලුනේ,,,
ඉන්නට ලගින් රැඳීලා හිමිකම් අහිමිවූයේ,,,
හදවත් වලින් බැඳීලා,,,ගව් ගව් දුරක් ගෙවූයේ,,,
මනසින් සිතින් වෙලීලා,,,දුර යන්නටයි පැතූයේ,,,
සිත හත්කඩක් පැලීලා,,,අප වෙන් වෙනා වෙලාවේ,,,
වදනක් අහිමි මුවගින් නොමදෙන් හැගුම් විමානේ,,,
නිකැළැල් සඳක් කොයින්දෝ,,රැයේ අඳුරෙ දිලුනේ,,,
ලතැවුල් සිතක් නොවෙයිදෝ,,,සැමදා දුකින් හැඬුවේ,,,
මෙතෙකින් ගියත් අප වෙන්වී,,,මතකෙන් යයිද සැමරුම්ගී,,,
මතු අත් බවෙත් යළි හමුවී,,, වෙන් වී නොයන් මට ලoවී,,,
සිත හත්කඩක් පැලීලා,,,අප වෙන් වෙනා වෙලාවේ,,,
Wednesday, June 13, 2012
at
4:55 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
3 comments:
හරිම ලස්සනයි....
අදත් කියවලා යන්න ආවා.. කාලෙකින් මුකුත් කිව්වෙ නැති නිසා ආවා බැලුවා රස වින්දා කියලා යන්නං ඇ......
කොහොමද අම්මේ ,,,මා බිහිකරන්න
මේ තරමට දුක් විඳෙව්වේ,,,
ඇසිපිය කඳුලෙන් ලැමදුක් වසාන ,,,
මේ තරමට දුක් විඳෙව්වේ,,,
මහමෙරකට දුක් විඳෙව්වේ,,,
මුතු වරුෂා නැති කටු පොලොවේ,,,
කවුරුද අම්මව හැඬෙව්වේ,,,
මා කුස දරාන,,,සුසුමන් මකාන,,,
නොගැනිය හැකි දුක් විඳෙව්වේ,,,
අම්මා තනියෙම විඳෙව්වේ,,,
දලු මල් කැකුලයි ,,,හිල් පොල්කටුවෙන්
පෙති නොරිදෙන්නට පෙඟෙව්වේ,,,
ඒ මල් කැකුලට ලේ කිරි කඳුලින් ,,,
සෙනෙහස මුසු කර පෙඟෙව්වේ,,,
මැදුරක සුව මට දැනෙව්වේ,,,
Post a Comment