ගියත් ඔබ දුර රිදුම් දෙයි සිත,,,

|
අහිමි හීනය හැරදමා ගිය ,,,
කඳුලු කවියට නෙතු යොමා,,,
විඳවනා සිත් තැවුල් අබියස ,,,
තාම සොයනවා ගිය ඔයා,,,
ඉසුරුමුණියේ වෙලුනු ප්‍රේමයෙ ,,,
සොඳුරු රූ මතකයේ තියා,,,
කඳුලු විල්තෙර මාව තනිකර,,,,
දුර ගිහින් නොකියම ඔයා,,,
වසත් කාලය යළිත් එන්නැති ,,,
අහිමි විජිතයෙ මo සොයා,,
ගියත් ඔබ දුර රිදුම් දෙයි සිත,,,
ඔබෙ සුවඳ මතකයෙ තියා,,,

3 comments:

meegodaya said...

කඳුළු බර වැඩි නෙතු පියා
මම පැතුම් පතුවා සිත පුරා
සරතැසක ගිම් නිමාකරනට
සිහිනෙකින් හෝ එයි කියා

Anonymous said...

මතකයන් තමා අමතක කරන්නම බැරි..

ruwan kumara maddage said...

man ekka radunu oyalata hugak sthuthi