ඔබත් ඉන්නේ යෞවනේ,,,

| | 2 comments »
සුමුදු වත සඳසේ දිලී,,,බලන විට හොරැහින් එබී,,,
නෙතේ මoගල තොරන් බැන්දා ඔබව හිමි වූවා වැනී,,,
සිහින කුමරී ලඟ දැනී

තිසර සුදු මුදු කඳු ඉමේ,,,පිපුණු මල් රොන් සුණු විලේ,,,
අතොර නෑරම සුවය විඳිනට මටත් සිතුනා යෞවනේ,,,
ඔබත් ඉන්නේ යෞවනේ,,,

නගන හසරැල් මුව කොනේ,,,සැලෙන කැල්මන් නෙතු ඉමේ,,,
නිතර පාරන රිදුම් දුන්නේ,,,අහිමිකම් ලඟ  ආදරේ,,,
හිමිද අහිමිද ආදරේ,,,

දෙවය සරදම් නොකළානම්,,,

| | 0 comments »

ජීවන ගමනේ පැද යන ඔරුවට
අතර මගදි හමුවී,,,
සඳ දිය තෙරපෙන යාමේ ඔරුවට ,,,
නුඹත් ගොඩවුනා සොඳුරී ,,,,,,
දෙවය සරදම් නොකළානම්,,,
නුඹයි මගේ සොඳුරී,,,ජීවන මග  දෙවුලී,,,

කඳුලු බිඳු ඔබේ නෙතඟර දිලුනට,,,
සඳ වත සුසිනිඳු මුහුනේ,,,
සිනා පිරුනු හසරැල්ල මැකෙන්නට
දෙන්න එපා සුදු මුහුනේ,,,
ඉන්න දිලී තරු අරණේ,,,

වදුලු වන පෙතේ සුදු මල්  පිපුනට,,,
සුවඳ කළා මුලු ලෝකේ,,,
කවුළු පියන් හැර බලාන හිටියොත්,,,
නුඹේ ලඟයි සිත මාගේ,,,
සුවඳ මලයි ඔබ මාගේ,,,

ගුරු තුමනී ඔබ තාමත් ඉස්කෝලේ,,,

| | 0 comments »
රාජකීය නොවු මාඉම් ගම්මානේ,,,
ගුරු තුමනී ඔබ තාමත් ඉස්කෝලේ,,,
විට කට බැඳගෙන දුන් ඒ ගුරු සාරේ,,,
සරණින් බෝසත් ,,, අප මනුසත් වූයේ,,,

වෙඩි හඬ අතරේ හිත ගැස්සුනු වාරේ,,,
ඔබෙ අත් අස්සේ හැoගුන හැම වේලේ,,,
මතක මැවෙන විට ඔබගේ ගුණ සාරේ,,,
කඳුලක් නැගුනා පියතුමනී මාගේ,,,

අලි කොටි රැඳි ඒ වන වදුලේ  පාහේ,,,
ඔබෙ නෙත් රැඳුනේ අප අතරේ වගේ,,,
බත් පත දන් දී ඔබ හිනැහෙන වාරේ,,,
කඳුලුයි බිව්වේ පිoදී හැම වාරේ...
| | 2 comments »
සිත රිදිලා,,,දුක දැනිලා,,,හදේ වේදනා,,, තනි වීලා පෙළ ගසලා,,,අකුරු අමුණලා,,, නිදිවරලා ,,,කඳුලු සලා,,,සෙවූ කල්පනා,, කවිකළදා එළිකරලා කවියො හිනැහෙනා,,,, සඳ සොයලා තරු සොයලා,,,අකුරු අමුණලා,,, මල් සොයලා,,,රොන් සොයලා,,,පින්න තවරලා,,, උපමා ගෙන ගොනු කරළා සිතුවම් කරලා,,, ලියූ වදන් ගැයෙන රිසින් සවන් සැනසෙනා,,, ලොවේ දනන් හෙලන සුසුම්,,,මිටින් ගෙනල්ලා,,, සිනා සරින් විඳින හැඟුම් සිහින් ගෙනල්ලා,,, කවියො අතින් නිමා කළත් ගීත නිබන්දා,,, කාසි නොවෙයි සතුටු සිතයි කවියො දකින්නා,,,

සිතුවිළි බිඟුකැළ මානබලයි රොන් ගන්න වගේ,,,

| | 0 comments »
සරපුල් විල්තෙර,,,යළි මල් පිපිලා,,, සිතුවිළි බිඟුකැළ මානබලයි රොන් ගන්න වගේ,,, ඔබ මා වෙන් වී කළකට පසු යළි හමුවූ දින නෙතු කැල්ම වගේ,,, සැලී ගියා තුරු පත් වියලී ගිම්හානේ,,, ඔබ මාහැර ගියෙ වසන්තයේ අග වාගේ ,,, සිනිඳු වුනේ සිත කොහොමද මෙතරම් මාගේ,,, මo වත් නොදනී හැර ගිය ඔබ දුටු වේලේ,,, බිඳී ගියා සිත අකුණින් පිරි ආකාසේ,,, ඔබ හිනැහුනාට වැස්සෙන් පසු සඳ වාගේ,,,
නිහඬ වුනේ ඇයි දඬුවම් වින්දේ මානේ,,, ලoවෙන්නත් බෑ අපි අපගේ නොව ආයේ

සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,

| | 0 comments »
සඳේ නුඹ මට සෙනේ පෑමුත් ඇල්ලුදා රාහූ,,,
ගඟේ ජීවන ඔරුව රුවලින් වෙන්වුනා පාවී,,,
නැගූ අපමණ සිහින මන්දිර ගිලිහුනා වාගේ,,,
සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,

හිනැහුනත් පුර පෝය සඳ මෙන් සුදු වලා සේලේ,,,
ගිළිහුනේ කොයි ලෙසින්දැයි මo නොමදනී රහසේ,,,
මගෙ කරන් මo සොඳුරු හැඩතල පිරිමැන්ද කාලේ,,,
මතක නැති කර දුර ගියත් හිත විමසුවා ආලේ,,,

සෙනෙහසින් ලo වූ බවෙදිත් බොරු කළා දේවී,,,
මට නැතත් ඔබ තවත් හිතකට පුර හදයි ආයේ,,,
හිතට එන දුක් සුසුම් කඳුලින් දිය කළේ මාගේ,,,
සියුමැලියි කි සිතට  පෙම් කළ නුඹ නමින් සාවි

එනුමැණ මන් ලගට සැනසෙන්න

| | 0 comments »
ඉඳුවර නිල් නයන දැකගන්න,,,
දෙනුවර මල් සුවඳ විඳගන්න,,,
මනළිය මගෙ යහන සරසන්න,,,
එනුමැණ මo ලගට සැනසෙන්න,,,

උණුවන නෙතු කඳුල මට දෙන්න,,,
කුමරියෙ හෙමි හෙමින් මගෙ වෙන්න,,,
දෙඅදර පිපි කුසුම මත ඉන්න ,,,
තනිවුන බමරිඳුට ඉඩදෙන්න,,,,,

ලැමහස මුදු සුසුම් තවරන්න,,,
මගෙ ලඟ උනුසුමින් ගුලිවෙන්න,,,
පැල් පොඩියෙ කිරි සුවඳ පැතිරෙන්න,,,
බිළිඳුන්ට ඔබෙ සුමුදු කුස දෙන්න,,,
| | 0 comments »
උඩ වැඩියා මල ඔබ මාගේ,,, ලග රැඳුනා නිතරම වාගේ,,, පෙම් සිත පීදුනු සිල්ප දනව්වේ,,, සුදු සඳ මතකෙට එනවානේ අලුයම දිව ආ සොඳුරු ළමා,,,
ඔබ එන මග මා සිටියා බලා,,, ගම් පෙරලියෙ පෙම් අකුරු ලියා,,, මතකද දුන්නා ඔබට මෙමා,,, මතක සුවහසක් අවදිකළා,,, පාසැල් සෙවනින් නික්ම ගියා,,, ආ මග වැරදී සෙවූ ඔයා,,, අන්සතු වී නෙතු තෙමී ගියා,,,