අරුමොසම් නැති රූ චායා,,,

Wednesday, July 27, 2011 | | 3 comments »

කලුකම්බේරිය මල් ගමුවේ,,,නුබ පිපිලා වන මල් අතරේ,,,
සුවඳයි සිනිදුයි,,,මා සිත බැඳුනයි,,,බිඟු නොදුටුවේ කෙලෙසින් මාලී,,,

අරුමොසම් නැති රූ චායා,,,මා නෙතු යාවී දඟ පෑවා,,,
කෝමළ රේඛා සොඳුරුයි දේවී,,,නුබෙ රූසිරු සිත සැනසූවා,,,

හිමිකාරිද මගෙ සිත කීවා,,,මේ සිත ආයේ නුඹ සෙව්වා,,,
පායන රන්තරු යුවළක් වාගේ,,,දඟ දෙනුවන් මතකේ ලීවා,,,

සමනල් පෙමක් දුර යන්නෑ

Friday, July 22, 2011 | | 0 comments »

මා සිතින් විමසනවා,,,මා වැරදීද කියලා,,,
ඔබ ,,,ඔබෙන් විමසන්,,න,,,
ඔබ වැරදීද කියලා,,,
සාක්ශි හඬගාවී,,,කවුරුදැයි වැරදී,,,

මගේ පණ ටික නැති වුනත් කම් නෑ,,,
පවට මාගෙන් සමාවක්නම් නෑ,,,
ඔබද වැරදී කියා විමසන්නෑ,,,
ඒත් වරදට තවත් ඉඩනම් නෑ,,,

සිතේ සමනල් හැඟුම් නම් කම් නෑ,,,
ඒත් සමනල් පෙමක් දුර යන්නෑ,,,
නුබත් සමනල් හැඟුම් පිරි හන්දා,,,
මගේ හිතටත් සැනසුමක්නම් නෑ,,,

අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...

Sunday, July 17, 2011 | | 0 comments »

කොස් කොල ඔටුන්න රජකම කැන්දූ අපේ බොළඳ බාලේ,,,
වැලි පොල්කටුවේ වැලිබත් උයලා සම්ගිව උන් කාලේ,,,
දo එරමිණියා ගඩා කඩන්නට කැලෑ පැන්න කාලේ,,,
අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...

අකුරට යන්නට වැඩියෙන් ආසයි බොරු ලෙඩ අරගෙන ඉන්න,,,
අම්ම තාත්තට කරදර කළාට හිත් නෑ තැලුවේ ඔන්න,,,
ඉකි බිඳ හැඬුවේ සෙනෙහස දිනන්න පොඩි දේටත් දුක් ගන්න,,,
අදටත් ගම් පියසට දිව යනවා,,,පොඩි කාලෙදි අප උන්න,,,,

අක්කල නoගිලා මල් දම් ගොතාන කොන්ඩ කරල සරසන්න,,,
අය්යල මලයල රoචු ගැසීගෙන දoඩි පටව් අල්ලන්න,,,
ඇල දොල වැව් ලඟ වෙල් වක්කඩවල අපිත් නට නටා උන්න,,,
ආසයි ආයෙත් සිත දිව යනවා,,, පොඩිකාලෙට දිව පැන්න,,,

යසයි සොබනියෙ රඟසොබා,,,

Tuesday, July 12, 2011 | | 1 comments

කොහොඹ කoකාරියේ,,,
රඟන මිහිරාවියේ,,,
රුසිරු පිoකාරියේ,,,
නෙතඟ රoජනාවියේ,,
නෙතඟ රoජනාවියේ,,,


නළල් තැලිපට හැඩවෙලා,,,
සුමුදු මුහුනේ සඳ සිනා,,,
දෑත් විහිදා කී කතා,,,
කළා සක්මන් සිත පුරා,,,
යසයි සොබනියෙ රඟසොබා,,,

පුලුල් උකුළත හැඩ වෙලා,,,
සිහින් ඉඟ සුඟ නළවලා,,,
රණේ රුව මන්මත්කළා,,,
රඟන ළැම හසරුන් නිසා,,,
යසයි සොබනිගෙ රඟසොබා,,,

සුමුදු හදවත් මතට දුක් නින්දා

Saturday, July 9, 2011 | | 0 comments »

නින්ද බිඳගෙන වින්දෙ ගැරහුම් ,,,
මානවිකාවන් වූ නිසා,,,
දින්නු ලොව සුදනන්ම ඇත්නම් ,,,
පිරිමින්ම නිවැරදි වුනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
ගෙනත් දී දොස් ඈහටම නින්දා,,,

දෙවන බුදු ලෙස පදවි දරලා,,,
මවක් වූ ඈ දෙස යොමා,,,
පිරිමි සියලුම වැරදි හoගා ,,,
ඇයට ගෙනදුන් වේදනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
සුමුදු හදවත් මතට දුක් නින්දා,,,

දරනු බැරි දුක් හුගක් හoගා ,,,
දරුවො වැදුවේ ඇය තමා,,,
ළැමෙහි සියුමැළි කමද මන්දා,,,,
කෙනෙක් වරදට නතුවෙනා,,,
ලොවම අවමන් කලේ ඇයි මෙතරම් ,,,
ගෙනත් දී දුක් ඈහටම නින්දා,,,

කලුවර විජිතය මා හට උරුම කමින්

Tuesday, July 5, 2011 | | 0 comments »

පාවී පාවී නෙතු පිය අතරින් ගලනා කඳුලු දියෙන්,,,
යාවී යාවී උන් අප දෙතැනක සෙනෙහස දියව ගොසින්,,,
නෑවී නෑවී දෙකම්බුල් දිගේ රූරා වැටෙන රිසින්,,,
පේවී පේවී ඔබ ලඟ දවටුන මතකය දවයි සුසුම්,,,

තුරුල්වෙලා අප ගතකළ මතක තුළින්,,,
ඇසුවොත් වැරදිද ඇයි අප වෙන්ව ගොසින්,,,,
කලුවර විජිතය මා හට උරුම කමින්,,,
තනිකර ගියමුත් ඔබ ළඟ රැඳෙමි සිතින්,,,

තෙපලූ සෙනෙහස සිත තුළ සින්න කරන්,,,
ආ දුර හින්දයි මේ හැටි හෙලුවෙ සුසුම්,,,
සඳ නැති අහසක අඳුරට කවුලු ඇරන්,,,
බලන් ඉඳිමි මා නොවුනට ඔබට රිදුම්,,,