සෙන්කඩගල අහස...

|


සෙන්කඩගල අහස ඉතින් හැමදාමත් ගැබ්බරයි,,,
ඒ අහසින් වහින වැස්ස සීත උනත් සුන්දරයි,,,
සෙන්කඩගල ඉඳලා ආව මගේ මණිකේ පින්බරයි,,,
මැණිකෙත් අද හිත හොදින්ම මන් හින්දා ගැබ්බරයි,,,

අහස හඩන හැමවිටදිම මතක් වුනේ නුබවමයි,,,
මන් හින්දා හැඬූ කාලේ නුබත් අහස වාගෙමයි,,,
වැටෙන කඳුලු මන් දන්නව මන් හින්දා ආදරෙන්,,,
මැනිකේ හඬපු ඒ කඳුලැල් තෙමුවේ මගේ හදවතයි,,,

අහස් කුසම ගැබ්බර වූ විටදි ගෙනෙන පාලුවයි,,,
ගැබ්බර නුබ ගිහින්නෙ මහගෙදර මටයි පාලු දැන්,,,
වැස්ස වැටෙන තුරු ඉන්නා ගහකොළ මල් වාගෙමයි,,,
දරු පැටියෙක් අරන් එන්න මැණිකෙ මමත් ඉම් බලන්,,,

6 comments:

Anonymous said...

ලස්සනයි.

Anonymous said...

ලස්සන අදහසක්..දිගටම ලියන්න.සුබ පතනව.

RanDil said...

මගේ ලිපියකට සටහන් කර තිබූ කොමෙන්ටුව ඔස්සේ පැමිණියෙමි අද ප්‍රථම වතාවට.

ඇත්තටම ලස්සනම ලස්සන පද වැලක්. මේ ඔබගේම අත්දැකීමක් නම් ඒ අදහස තවත් ලස්සන වෙනවා කියලා මට හිතෙනවා.

ඉලංදාරියා said...

ලස්සනයි.....දිගටම ලියන්න.....

Pasan said...

ලස්සන අදහසක් හොද නිර්මාණයක් ඇත්තම සිදුවීමක් නම් සුභම සුභ පතනව ලස්සන දරුපැටියකුට.....

http://blogsinhala.com/ said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/