
දස මසක් කුස දරා වෙසෙසින්,,,
නොනිමි කඳුලැල් නෙතු දරා,,,
පැටව් බිහිකර ලැමේ ලේ දිය,,,
කිරෙන් දන් දුන් අම්මලා,,,
මිනිස්කම් නැති නොමිනුසුන් ළඟ ,,,
පාප හැඟුමන් විඳ දරා,,,
බිහිකලත් ඒ කැකුලු මල්වල,,,
පෙති සින්දෙ නැති අම්මලා,,,
වැදූ දරුවන් රජුන් කරනට,,,
කප්පරක් දුක් විඳ දරා,,,
කඳුලු යටකර සුසුම් හoගා,,,
දරුවො ලොකුකළේ අම්මලා,,,
7 comments:
ලස්සන අදහසක්...
හැකිනම් මොහොතකට මෙතැනට ඇවිත් යන්න.
ලස්සනයි.
ඔයලට හුගක් ස්තුතියි
අම්මා...........මොන රූපෙන් මොන විදියට උන්නත් අම්මාගෙ දරු සෙනෙහස.....කිසිම දෙයකට සමාන කරන්න බෑනෙ...නේද
ලස්සනයි........
පිංතූරෙනම් හිතට ගොඩක් දැනෙන එකක්.......
Lassana sithuwillak :)
lassana sithuwillak :)
Post a Comment