න්‍ය්ෂ්ටික යුද්ධයකට දකුණු කොරියාව පෙරසූදානම් අරඹයි,,,

|

ලෝකයම හදිසියේම උනුසුම්වූ අලුත්ම සිදුවීම වූ කොරියන් සබ්මැරීන් ප්‍රහාරයත් සමග මුලු ලෝකයේම ඇස් අද යොමුව ඇත්තේ දකුණු කොරියාව දෙසටය.පසුගියදා උතුරු කොරියාව එල්ල කල එම ප්‍රහාරයෙන් ජීවිත 46ක් පමණ අහිමිවූ අතර තවත් 8 දෙනෙක් පමණ අතුරුදන් විය.එයින් කැළඹී ගිය දකුණු කොරියාව එහි ශෝකය පහවීමටත් පෙර උතුරු කොරියාවෙන් එල්ලවන ප්‍රහාරයක් පිළිඹදව දැඩි විමසිල්ලෙන් හිදීමට සිදුව ඇත් දකුණු කොරියාවට පහරදීමට සූදානම් බවක් වසර 6කට පසුව උතුරු කොරියානු ජනාදිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. දිගු කලක් මුලුල්ලේ පවතින කොරියානු අරගලයේ අලුත්ම පුවත් මවන්නා වී සිටින උතුරු කොරියාවේ ජනාහිපතිවරයා කාටවත්ම යටත් නැති කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදෙන පුද්ගලයකු බැවින් ඔහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව ලෝකයේ සෙසු නායකයින් පවා කළබලයට පත්ව ඇතිබැව් කවුරුත් දන්න කරුණකි.එහි ප්‍රතිපලයක් ලෙස ජපන් අගමැතිවරයාද පසුගියදා ඉල්ල අස්වීමට තීරණයකළේ එම රටේ ජනතාවට ආරක්ෂාව පිළිබඳව තීරන ගැනීමේදී තමන්ට කලින් දුන් පොරොන්දුව වූ ඇමෙරිකන් හමුදාව ඉවත් කිරීමට වර්තමාණ කොරියා ප්‍රස්නයත් සමගින් නොහැකිවන බව නිසාවෙනි.එමෙන්ම උතුරු කොරියානු ජනාදිපතිවරයා චීනයට හදිසියේ කල සoචාරයත් සමගින් මෙම ප්‍රස්ණය ඇමරිකාවේ මෙන්ම රුසියාවේද අවදානයට හේතුවක් වී ඇත..

උතුරු කොරියනු ප්‍රවුති නාලිකාවක පසුගියදා විකාශණය කල ඔවුනගේ හමුදා සූදානම සමගින් දකුණු කොරියාව හදිසියේම මෙම ප්‍රස්ණය පිළිබඳව දැඩි අවදානය යොමුකළේ ය.ඒ අනුව කොයි මොහොතක හො දකුණු කොරියාවට එල්ලවන ප්‍රහාරයක් පිළිබදව පෙර සූදානම් වැඩසටහන් ක්‍රියත්මක කිරීමට කොරියනු රජය විසින් ආරම්බ කරන ලදී.ඒ අනුව ඊයේ සෝල් නගරය පුරාවට හදිසි න්‍ය්ෂ්ටික ප්‍රහාරයකදී ආරක්ෂාව වෙනුවෙන් බාවිත කරන මුව ආවරණ බෙදදුන් අතර සියලු පොදු ස්තානයන්හිද ඒවා එල්ල තැබීමට කටයුතු කළේය.එමෙන්ම කර්මන්තශාල සේවකයින්ට එවන් අවස්තාවකදී පොලව යට ඇති උමන් පද්දති තුළට බසින මෙන් දැනුම් දීම් කරන ලදී.එලෙසින් ජනතාව දැනුවත් කරන අතරේ සියලු හමුදාවන් මෙන්ම හදිසි සේව කටයුතු ආදිය මගින්ද පෙර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
හදිසියේ එල්ලවන සයිරන් නලා හඩට අනුව ඉක්මනින් අරක්ශිත ස්තානයන් වෙත් දිවීමට දකුණු කොරියාවේ සෑම පෙදෙසකම ජනතාව දැනුවත් කරන එරට බලධරීන් අදවන විට කොරියානු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිය උපරිම ශක්තිය යෙදවීමට වෙහෙසෙන බැව් අපට දැකගත හැකිවිය.හදිසියේ හෝ එවැනි එක් න්‍ය්ෂ්ටික ප්‍රහාරයක් දියත් වුවහොත් ඒයින් වන බලපෑම සුලුපටු නොවන බැව්නම් ඉදුරාම පැව්සිය යුතු සත්යක් බැව් නොඅනුමානය.

රුවන් කුමාර මැද්දෙගේ දකුණු කොරියාවේ ගවන්ජු නගරයේ සිට,,,

2 comments:

ඉලංදාරියා said...

මුන්ඩෙගොල්ලො යුද්ද් කලොත් ..මෙක ඉවරවෙන්නේ ලෝක යුද්දයකින් වෙන්නත් පුලුවන්.....අෆොයි....වෙන්න යන අපරාදේ.....

Naveen Madhawa said...

ලෝක නායකයෝ සාම කතාකරයෝ.. කොහෙද ඉන්නෙ..